කිලිනොච්චියෙදී හමුදා සෙබළුන් 05ක් මියයයි-තුවාල කරුවන් රෝහල් වෙත

කිලිනොච්චියෙදී හමුදා සෙබළුන් 05ක් මියයයි-තුවාල කරුවන් රෝහල් වෙත

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී අද (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළ පිහිටි යුද හමුදා රෝහලේ සිට සෙබලුන් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය කිලිනොච්චිය නගරය දෙසට ගමන්කොට ඇති අතර එහිදී දුම්රිය ස්ථානය අසළ පිහිටි 55 මංසන්ධිය අසළ දුම්රිය හරස් මාර්ගයේදී ට්‍රක් රථය ධාවනය කරන අවස්ථාවේදී කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රියේ ගැටී ඇති බව පොලීසිය පවසයි.ට්‍රක්රථය දුම්රියේ ගැටීමෙන් එහි ගමන්ගත් සෙබලුන් සිව් දෙනෙකු එම ස්ථානයේම මිය ගොස් සිටි බවත් බරපතල තුවාල ලබා සිටි තවත් යුද හමුදා සෙබලුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් සෙබෙලෙකු මිය ගොස් අති බවත් පොලීසිය පවසයි.

(Visited 53 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!