කිරුළපන මැයි රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අනිවාර්යයි – දිනේෂ් ගුණවර්ධන

Spread the love
  •  
  •  
  •  
  •  

පවතින ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අනිවාර්යය බවද කිරුළපන මැයි රැළිය වැඩකරන ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන දැවැන්තම මැයි රැළිය බවද ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ගාල්ලේ පැවැත්වෙන මැයි රැළිය සඳහා සහභාගී නොවන බවද පවසන ඔහු දිනෙන් දින රට අවුලකට හා ආර්ථික වශයෙන් පරිහානිය කරා ගමන් කරන අතර එය වැඩ කරන ජනතාවගේ කරපිටට බර පැටවීමක් බවද පෙන්වා දෙයි.
යහපාලන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව විසින් පැළඳ සිටි වෙස් මුහුණ ගලවා විසි කර ඇති බවත් එයට හොඳම නිදර්ශනය ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය සඳහා ශාලිකා පිට්ටනිය ලබා දී නැවත එය ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කිරීම බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!