කිරි වෑහෙන මව අවදිකිරීමට උත්සහ ගන්නා සංවේදී අලි පැටවා-( VIDEO)

කිරි වෑහෙන මව අවදිකිරීමට උත්සහ ගන්නා සංවේදී අලි පැටවා-( VIDEO)

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. ඊයේ (28) දිනයේදී ද තවත් සිරුරු තුනක් හමුවූ බවයි එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේය.පෙරේදා (27) දිනය වන විට වන මිය ගිය අලින් හතර දෙනෙකුගේ සිරුරු සොයාගත් අතර අද අලුයම එක ඇතින්නියකගේ සිරුරක් සොයා ගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයක් බවයි වාර්තා වේ .මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් වී තිබෙනවා. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ට වීමට සඳහා උත්සාහ කරන අයුරුද දැක ගන්නට හැකි විය.

(Visited 72 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!