“කැට හොල්ලන් එන සරසවි යාචකයින්ට තඹ සතයක් දෙන්න එපා…?”

“කැට හොල්ලන් එන සරසවි යාචකයින්ට තඹ සතයක් දෙන්න එපා…?”

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

අද වන විට නවක වදය විශ්ව විද්‍යාල තුල මානසීක සහ කායික මෙන්ම ලිංගිකවද සිදු කිරිමට පෙරළඹි ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. නවක වදය ලබා දෙන සිසුන් විසින් කූලී පදනම මත නිවාස රැගෙන විශ්ව විද්‍යාලවල පිටත සිටත් අමානුෂික ලෙස නවක සිසුන්ව වඳ හිංසා සිදු කරන බවට තොරතුරු වාර්තා වි ඇති බවත් මේ වන විට පැමිනිලි 417ක් ලිඛිතව ලැබි ඇති බවද අමාත්‍යවරයා පැවසීය.ඔහු මේ පැවසුවේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.2015 වසරේදි විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වු සිසුන්ගෙන් 1352 දෙනෙකු නවක වදය හේතුවෙන් විශ්ය විද්‍යාලය අතහැර ගොස් ඇති බවත් 2016-2017 වසරේ දි සිසුන් 637ක් විශ්ව විද්‍යාලය ඇතහැර ගොස් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.අද වන විට පාතාලය ක්‍රියාත්මක වන්නේ විශ්ව විද්‍යාල ඇතුලත බවද අමාත්‍යවරයා පැවසීය.මෙම නවක වදය පිටුපස ඇත්තේ පෙරටුගාමි සමාජවාදි පක්ෂය බවදට අමාත්‍යවරයා එහිද චෝදනා කළ අතර නවක වදය හේතුවෙන් පසුගිය කාලය තුල සිසුන් 14 දෙනෙකු මිය ගොස් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.බස්වල සහ වෙනත් පොදු ස්ථානවල දි සරසවි සිසුන් කැට මඟින් සල්ලි එකතු කරන අවස්තාවලදි කිසිදු මුදලක් ඔවුන්ට ලබා නොදෙන ලෙසටත් එම සල්ලිවලින් සිදු කරන්නේ අරක්කු සහ මත්පැන් පානය කිරිම පමනක් බවත් අමාත්‍යවරයා පැවසීය.විශ්ව විද්‍යාල සිසුන්ට උවමනා දැ සිදු කිරිම සඳහා අවශ්‍ය මුදල් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දෙනු ඇති බවත් අවශ්‍ය නම් තවත් මුදල් ඉල්ළුම් කර ලබා ගැනිමට හැකි බවත් එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!