“කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා…”අගරදගුරු හිමිපාණන්ගෙන් සංවේදී කතාවක්

“කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා…”අගරදගුරු හිමිපාණන්ගෙන් සංවේදී කතාවක්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමත් සමඟ මිනිසුන් ආගම්වලින් අෑත්වීමේ ප්‍රවණතාවක් ඇති වුණා’ යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පසුගියදා කළුතර කලමුල්ලේදී ප්‍රකාශ කළහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණෝ මෙසේද කීහ. එදා මිනීමරුවන්ට, අපරාධකරුවන්ට නියම කළ දරුණුම දඬුවම වූ මරණ දඬුවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නියම වුණා. උන්වහන්සේ කැමැත්තෙන්ම ඒ යාගය පුදන්නට භාර ගත්තා. ඒ පාපයේ වහල්කමෙන් ජනතාව ගලවා ගැනීමේ මාර්ගය ලෙසයි. ඒ කුරුසියේ මාර්ගයයි. යමකු මා අනුව ඒමට කැමැත්තෙන් නම් තම කම ත්‍යාජ කර පැමිණිය යුතු බව උන්වහන්සේ කියා තිබෙනවා. අපට ඇති ලොකුම අභියෝගය ආත්මාර්ථකාමීත්වයයි. ආගම පිළිවෙත්වලට පමණක් සීමා විය යුතු නැහැ. අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත ජීවත්වීමයි. කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා… හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියන සංකල්පයට ඔවුන් ආවා. කන බොන පාරිභෝගික සමාජයක් නිර්මාණය වුණා. අපි කවුරුවත් අවුරුදු සියයක් ජීවත් වන්නේ නැහැ. ඒ කාලයෙන් තමාටත් සමාජයටත් ප්‍රයෝජනයක් නැතිනම් ඒ ජීවිතයෙන් වැඩක් නැහැ.  යාගය තිබෙන තැන පරිත්‍යාගය තිබිය යුතුයි. යාගය පරිත්‍යාගයක් බවට පත් කරගත යුතුයි. ඒ යාගය සිදුකරන තැන අල්තාරය නැත්නම් පුදසුන කිතුනු ජනතාවගේ ජීවිතයෙන් කොටසක්.  යන්නයි

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!