“කාත්තන්කුඩිය පොලිසියේ වතුර ටැංකියත් සහරාන් දුන්න එකක්… OIC කිව්වේ පට්ට බොරු…” – සුමනරතන හිමි (VIDEO)

“කාත්තන්කුඩිය පොලිසියේ වතුර ටැංකියත් සහරාන් දුන්න එකක්… OIC කිව්වේ පට්ට බොරු…” – සුමනරතන හිමි (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු සහ වත්මන් පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා සහරාන් සම්බන්ධයෙන් ඊයේ (18) පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදී ලබාදුන් ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ, මඩකලපුව ප්‍රදේශයේ අද (19) මාධ්‍ය හමුවක් කැඳවමින්.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති එම්.පී කස්තුරිආරච්චි සහ එහි හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර යන මහත්වරුන්.
කෙසේවෙතත් මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ තිබේන ජල ටැංකියේද අරාබි භාෂාවෙන් සඳහන් කර ඇත්තේ එය සහරන් ලබා දුන් පරිත්‍යාගයක් බවයි.
එමෙන්ම එහිදි අදහස් දැක්ව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පැවසුවේ හමුදා බුද්ධි අංශ නිලධාරින් සහරන් ජිවත්වන ස්ථාන සම්බන්දයෙන් දැනුවත් කර ඇති නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානධිපතිවරයා කටයුතු නොකල බවයි.
එමෙන්ම නැගෙහිර පළාත් නෆීර් අහමඩ්ද වග කිව යුතු බව උන්වහන්සේ පැවසීය.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!