
“මාත් එක්ක සෙල්ලම් බෑ..- මිට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හමුදා පුහුණුව..? “
ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සහතික පත්‍ර ප්රදානය කිරීම ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහේදී අදහස් දැක්වූ ඒ මහතා “කෙනෙක් කියලා තිබුණේ කැච් අත ඇරුනා කියලා මැච් පරදින්නේ නැහැ කියලා. කැච් අත ඇරුන නිසා තමයි මැච් පැරදුනේ. කැච් එක ගන්න ළ`ගට යනකොට බඩ වැඩිනම් කැච් එක අල්ලන්න අත යන්නේ නැහැ. ඊට පස්සේ කැච් එක අතඇරලා ඔළුවේ අතගහගෙන ඉන්නවා. මේක තමයි සිද්ධ වෙන්නේ. අද බලන්න බංගලාදේශ කණ්ඩායම. එක ක්රීඩකයෙක්ගෙවත් උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා නැහැ. මොකද ඒ? ඒ ඔවුන් ඉතාමත් නිවැරදි ආකාරයට පුහුණු කිරීම් සිදුකරන නිසා. නමුත් අපේ කණ්ඩායමේ සියලු දෙනාව බබාලා වගේ තමයි හදන්නේ. මම ඒ නිසයි කිව්වේ මේ අයව හමුදා ක`දවුරකට යවලා මාස 6ක් විතර පුහුණු කිරීම් කරවන්න ඕන කියලා.” යි වැඩිදුරටත් පවසා සිටියේය.