” කටුගෙට ගිය කලක්-ළඟදීම බිකිණි ෂෝ එකක් “

” කටුගෙට ගිය කලක්-ළඟදීම බිකිණි ෂෝ එකක් “

Spread the love
  •  
  •  
  •  
  •  

“කළම්බු ෆැෂන් වීක්‌ සමර් ෂෝ” නමින් කළම්බු ෆැෂන් වීක්‌ ආයතනය විසින් මාර්තු මස 17 සිට 19 වන දින දක්‌වා කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රය තුළදී පැවැත්වීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.ප්‍රසංගය සඳහා අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිමින්, කෞතුකාගාර උපදේශක සභාවේ සාමාජිකයන් විසින් සංස්‌කෘතික කටයුතු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා වෙත ලිපියක්‌ යොමු කර ඇත.මෙම ප්‍රසංගය සඳහා කළම්බු ෆැෂන් වීක්‌ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී පෂිතා රාජාබ්දීන් මහත්මිය සහ එම ආයතනයේ සභාපති අඡේවීර් සිං විසින් කෞතුකාගාර අධ්‍යක්‍ෂ වෙත ලිපියක්‌ යොමු කරමින් මෙම අවසරය ඉල්ලා ඇති අතර මෙම ප්‍රසංගය පැවැත්වීම මගින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානියක්‌ වන බව සහ ජනතා විරෝධයට ලක්‌වේය යන පදනමේ සිට කෞතුකාගාර උපදේශක සභාවේ සාමාජිකයන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ආචාර්ය සෙනරත් දිසානායක, මහාචාර්ය ටී. එම්. පල්ලියගුරු, ආචාර්ය ලක්‍ෂ්මන් ජයරත්න සහ හේම නලින් කරුණාරත්න යන මහත්වරුන් විසින් මෙම ලිපිය අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.එසේ වුවත් මෙම ප්‍රසංගය සඳහා අවසර ලබාදිය යුතුය යන ස්‌ථාවරයේ සිට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කරන බව කෞතුකාගාර උපදේශන සභාවේ සාමාජිකයකු අදහස්‌ දක්‌වමින් පැවසීය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!