කළකිරුණු රතන හිමි තවත් කළකිරෙයි….ආණ්ඩුවේ මරි මෝඩ තීන්දුවලට එලව එලවා පහර ගසයි

කළකිරුණු රතන හිමි තවත් කළකිරෙයි….ආණ්ඩුවේ මරි මෝඩ තීන්දුවලට එලව එලවා පහර ගසයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ජනතාව දැඩි ජීවන බරින් පෙළෙන අවස්ථාවක මැති ඇමැති වැටුප් වැඩිකිරීමට තමා විරුද්ධ යැයි. ජනාධිපති හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මාධ්‍යට පැවසූහ.සංඛ්‍යාලේඛනවලින් පවසන දත්තවලට වඩා රටේ දුගී දුප්පත්භාවය වර්ධනය වී ඇතැයි ද එවැනි අවස්ථාවක තම වැටුප් වැඩිකරගැනීමක් ගැන කතා කිරීමට කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද රතන හිමියෝ අවධාරණය කර කීහ.ජනාධිපතිවරයාම නියෝජනය කරන පොළොන්නරු ගොවි කලාපයේ සීයට පනහක ජනතාව සිය ඉඩම් උකස් කර ඇතැයි කී උන්වහන්සේ එම පෙදෙස්වල ඇත්තේ මිනිසුන් මන්දපෝෂණයෙන් පෙලෙන තත්ත්වයක් යැයි පැවසූහ.ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් කටයුතු කළ අතුරලියේ රතන හිමියන් මෙම අදහස පළ කළේ ‘ලංකාදීප’ සමග සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී මැති ඇමැති වැටුප් සීයට 215 කින් වැඩිකිරීමේ සූදානම ගැන කළ විමසීමේදීය.

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!