” කල විනාශයක මහත…..! – දියණියන් දෙදෙනා සහ පුතා ගසක එල්ලා මැරූ පියා සියදිවි නසාගනී”

” කල විනාශයක මහත…..! – දියණියන් දෙදෙනා සහ පුතා ගසක එල්ලා මැරූ පියා සියදිවි නසාගනී”

Spread the love
  •  
  •  
  •  
  •  

පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා සමඟ එල්ලී මියගිය පුවතක් කඹුරුපිටියෙන් වාර්තා වනවා. දරුවන් තිදෙනාගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සලස්වා, පියාද එල්ලී මියගොස් ඇති බවටයි මේ වනවිට අනාවරණය වී තිබෙන්නේ. ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී ගිනි ගත් නිවාස ආසන්නයේ තිබී මේ මළසිරුරු හමුවුණා.පොලිසිය අදාළ ස්ථානයට යන විටත් ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ගොස් තිබුණා. පසුව නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ තංගුස් ළණු ආධාරයෙන් මේ සිවුදෙනා එල්ලී මරණයට පත්වී සිටි බවයි වාර්තා වන්නේ. මරණයට පත්ව ඇති සැකකාර පියා වයස අවුරුදු 44 ක් වූ පතිරණගේ ප්‍රියන්ත නැමැත්තෙක්. වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා දියණියන් දෙදෙනායි. මෙම සැකකාර පියාගේ පුත්‍රයා හිමිනමක වන වයස අවුරුදු 14 ක අයෙක්. මියගිය දියණියන් දෙදෙනා වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා ලෙස හන්ද්නාගෙන තිබෙනවා. පුත්‍රයා ප්‍රදේශයේ පන්සලක හිමිනමක වූ වයස අවුරුදු 14 ක අයෙක්. සිද්ධිය ඇති වූ අවස්ථාවේදී නිවසට පැමිණ ඇති හිමිනම එහිදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබෙනවා. මෙම නිවසේ පදිංචි දරුවන්ගේ මව සහ පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මාසයකට පමණ පෙර දරුවන් හා පියා අතහැර ගොස් ඇති බවත් වාර්තා වනවා.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!