කල වරදට නිරුවත් කර පාර දිගේ කාන්තාවක් රැගෙන යමින් වීඩියෝ කර අන්තර්ජාලයට බෙදයි

කල වරදට නිරුවත් කර පාර දිගේ කාන්තාවක් රැගෙන යමින් වීඩියෝ කර අන්තර්ජාලයට බෙදයි

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

පුද්ගලයෙකු මරා දැමූ බවට චෝදනා එල්ල කරමින් කාන්තාවකගේ ඇඳුම් ඉරා දමා නිරුවතින් ඇය වීදී දිගේ රැගෙන ගිය පුද්ගලයන් පිරිසක් පිළිබඳ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.එම පුද්ගලයන් පිරිස අදාළ කාන්තාව නිවසින් පිටතට රැගෙන පහර දී ඇයගේ නිවසට ගිනිතබා ඇති බව පොලිසිය පවසයි.සඳුදා (20) දින බෝජ්පූර් දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගයක තිබී 19 හැවිරිදි විම්ලේශ් ෂාහ් ගේ සිරුර හමුවීමෙන් පසු, එම මරණයට වගකිව යුතුයැයි පවසමින් කාන්තාවට වධ හිංසා පමුණුවා තිබේ.සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. කාන්තාව මේ වනවිට ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබන්නීය.විම්ලේශ් ෂාහ් ගේ මරණය සිදු වූයේ කෙසේදැයි තවමත් හෙළි වී නොමැති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය බීබීසී හින්දි සේවයට පවසා ඇත. මරණයට හේතුව දැනගැනීමට ඔවුහු මරණ පරීක්ෂණ වාර්තාව අපේක්ෂාවෙන් පසුවෙති.විම්ලේශ් ෂාහ් ඝාතනය කරන ලද්දේ මෙම කාන්තාව විසින් යැයි විශ්වාස කළ ඔහුගේ අසල්වාසීන්, සිද්ධිය පොලිසියට වාර්තා නොකර ඇයට දඬුවම් කිරීමට තීරණය කර තිබේ.පුරුෂයන් කණ්ඩායමක් මධ්‍යයේ කාන්තාවක් නිරුවතින් ඇවිද යන දර්ශනයක් එක් වීඩියෝ පටයක දක්නට හැකිය.මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන කීපයක් වට්ස් ඇප් (WhatsApp) ඔස්සේ බෙදා හැරෙමින් තිබෙන අතර, ඉන් එක් වීඩියෝවක් දැකීමෙන් අනතුරුව මේ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බව පොලිසිය පැවසීය.

(Visited 363 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!