
“කල වරදට දඬුවම පිළිගමි….” – බැන්ක්‍රොෆ්ට්
Spread the love
පන්දුව පළුදු කිරිමේ වරදට ලබාදුන් දඬුවම කිසිඳු ආකාරයකින් අභියෝගයට ලක් කිරීමක් සිදු නොකරන බව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පවසයි.
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්ට, උප නායක ඩේවිඩ් වොනර්ට සහ ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් හට තරඟ තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තා.
කෙසේවෙතත් එම දඩුවම් පැනවීම අසාධාරණ බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක සංගමය සඳහන් කර තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් ස්ටීවන් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය ට්විටර් ගිණුම්වල සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඒ සඳහා ක්‍රිකට් ආයතනය ලබාදුන් දඩුවම පිලිගන්නා බවයි.
එම දඩුවම්වලට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට අපේක්ෂා නොකරන බව ඔවුන් සදහන් කර තිබේ.
(Visited 9 times)