“කලින් ආණ්ඩු පාන් කාපුවටත් අපි ණය ගෙව්වා” – මහින්ද

“කලින් ආණ්ඩු පාන් කාපුවටත් අපි ණය ගෙව්වා” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ (16) බෙලිඅත්ත ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්ටද මුල අමතක වී ඇති බවයි.
එහිදී ඔහු කියා සිටියේ, “මම කරපු වෙනස ඇඟට දැනුනෙ නැහැ. පාරවල්වල වලවල් වහලා කොන්ක්‍රීට් දැම්මම ඇඟට දැනුනෙ නැහැ. හයිවේ හැදුවම අඟට දැනෙන්නෙ නැතිව ගියා. දැන් රෝහලට ගියාම බෙහෙත් ටික නැහැ. ඒක ඇඟට දැනෙනවා. බෙහෙත් ගන්න ගියාම වැට් එක වදිනකොට ඇඟට දැනෙනවා.”

යනුවෙන්ද පැවසුවේය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්ටද මුල අමතක වී ඇති බවයි. කලින් ආණ්ඩුවල පාන් කාපුවට ගෙවන්නට වූ ණයත් තමා ගෙවූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. තමන් කෙරෙහි ඇති වෛරය කොතරම්ද කියනවා නම් කුඩා දරුවන් ඉදිරියේ පවා සිදු කරන්නේ තමන්ට බනින එක බව ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!