කල්පිටියෙන් කාන්තාවකගේ උඩු කයක් සහ… පිළියන්දලින් තරුණයෙකුගේ සිරුරක්ද සොයා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

පොහොර උරයක තිබී කාන්තා සිරුරක යටිකය කොටසක් හමුවී තිබේ.
ඊයේ (04) පස්වරුවේ කල්පිටිය එරබුදුව දූපතට ගොඩගසා තිබූ මෙම පොහොර උරය ගැන ධීවරයෙකුගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් ගොස් කළ පරීක්‍ෂාවකදී මෙම පොහොර උරය සහ සිරුරු කොටස හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව දින කිහිපයකට පෙර ඝාතනයට ලක්ව ඇතැයිද සිරුරු කොටස පොහොර උරයේ බහා වැලි පුරවා කල්පිටිය කලපුවේ ගිල්වන්නට ඇතැයිද පොලීසිය සැක කරයි. වැලි ඉවත්වීමෙන් පසු මෙම පොහොර උරය කලපුවේ පාවෙන්නට ඇති බවයි ධීවරයන් කියා සිටියේ. කල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
මේ අතර පිළියන්දල තුම්බෝවිල වෙල් යායක් අසල නාඳුනන තරුණයෙක්ගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඩෙනිම් කලිසමක් ඇඳ දකුණු කනේ කරාඹුවක්ද බෙල්ලේ සුදු යකඩ මාල දෙකක්ද වම් කකුලේ වළලු දෙකක්ද පැළඳ සිටි තරුණයා (35) වෙනත් තැනකදී මරා වෙල් යාය අසලට ගෙනවුත් ඈත සිට විසිකරන්නට ඇතැයි පොලිසිය පවසයි.
ඔහු ඇඳ සිටි ටීෂර්ටය ලෙයින් නැහැවී තිබූ බවත් පොලිසිය කියයි.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!