“කවලම් වුනාම “ටොප්”… ඒ නිසා දෙමළ-මුස්ලිම් අය සිංහල අයට බන්දලා මිශ්‍ර විවාහ කරමු…” – රෙජිනෝල්ඩ්

“කවලම් වුනාම “ටොප්”… ඒ නිසා දෙමළ-මුස්ලිම් අය සිංහල අයට බන්දලා මිශ්‍ර විවාහ කරමු…” – රෙජිනෝල්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු පළාත් නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ජාතීන් අතර අන්තර් විවාහ සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.
නව ආණ්ඩුකාරවරයා වශයෙන් සිය ධුරයේ වැඩ භාර ගනිමින් ඔහු කියා සිටියේ අතීත රජ දරුවන් පවා අන්තර් විවාහ සිදු කොට ගෙන ඇති බවයි.
අතීතයෙන් උදාහරණ ගෙන හැර දැක්වූ නව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ජීවත් වන සියලුම ජාතීන් මිශ්‍ර වී ඇති බවයි.
‘ලංකාවේ බොහෝ රජවරු බිසෝවරු ගෙනාවේ ඉන්දියාවෙන්. මුස්ලිම් අය ලංකාවට ආවේ බිරින්දෑවරු නොමැතිව. ඒ අය විවාහ වුනේ ලංකාවේ සිංහල කාන්තාවන් සමග. ඒ නිසා අපට ශුද්ධවන්ත භාවයක් ගැන හිතන්න පුලුවන්ද?’ ආණ්ඩුකාරවරයා ප්‍රශ්න කළේය.
මිශ්‍ර විවාහවලින් උපත ලබන දරුවන් ඉහළ දක්ෂතා පෙන්වන බවත් ඔහු පැවසුවේය.
‘මගේ දැක්ම අනුව ජාතීන් මිශ්‍ර වීමේදී හොද ප්‍රතිඵල අත වෙනවා. ජාති මිශ්‍ර වූ විට ළමුන් ඉතාමත් හොද වෙනවා. එකම ජාතියේ ළමුන්ට වඩා ඒ අය හොද මට්ටමක සිටිනවා. විද්‍යාවට හා තාක්ෂණයට අනුව දෙමුහුන් වීම ඉතා හොද දෙයක්’ ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
මේ අතර දෙමළ භාෂාව කතා කිරීමට හැකි පුද්ගලයකු උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් එහිදී පවසා ඇත.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!