කලකට පසු ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පිතිහරඹයක

කලකට පසු ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පිතිහරඹයක

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර එඩින්බරෝහිදී අද (21 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව ඕවර 50 ක් අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් ලබා සිටියේය.මුල් ඕවර 40 අවසන් වන විට කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක්ද, ළහිරු තිරිමාන්න ලකුණු 8 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ. පන්දු 49 කට මුහුණදී සිටි මෙන්ඩිස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය 14 වැනි එක්දින අර්ධ ශතකය සැරසීය.ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න (77) සහ අවිෂ්ක ප්‍රනාන්දු (78) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 123 ක සම්බනධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 88 කදී වාර්තා වූ දිමුත්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 78 කදී වාර්තා වූ අවිෂ්කගේ මංගල එක්දින අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.මයිකල් ලීසක්ගේ පන්දුවක් හමුවේ ජෝජ් මුන්සේ අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. එතැන් පටන් කුසල් මෙන්ඩිස් සමග එක් වූ දිමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.පිතිකරු ලැයිස්තුවේ උසස් වීමක් ලබා සිව්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා, මුහුණදුන් පළමු පන්දුවේදීම කඩුලු රකින ක්‍රීඩක මැතිව් කෘස් අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීනතම පිතිකරුවා ලෙස හැදින්විය හැකි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ටද පන්දු 10 කදී රැස්කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි.කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටි අතර තරගය ආරම්භයේ සිටම ස්කොට්ලන්ත පන්දු රකින්නන් දුර්වල පන්දු රැකීමක නිරත වන ආකාරය දැකබලාගත හැකි විය. එහිදී ඔවුන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිළිහී ගිය අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!