“කරුණාකර අගමැති කමින් ඉවත්වෙන්න” – රාවණා බලය

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

dimuඅගමැතිකම පිළිබඳව තීරණයක්‌ ගැනීම ජනාධිපතිතුමාට ඉඩ දී බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ඉවත්වන ලෙස අගමැති දි. මු. ජයරත්න මහතාගෙන් කාරුණික ඉල්ලීමක්‌ කරන ලෙස රාවණා බලය සංවිධානයේ මහා ලේකම් ඉත්තෑපානේ සද්ධාතිස්‌ස ස්‌වාමීන් වහන්සේ මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (05 වැනිදා) පැවැසූහ.
“අපේ මේ ඉල්ලීම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙස මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් බුද්ධ ශාසනයේ නාමයෙන් ඉල්ලා සිටිනවා යෑයි ද ඉත්තෑපානේ සද්ධාතිස්‌ස හිමියෝ පැවැසූහ.
බුද්ධ ශාසන අමාත්‍ය පදවියෙන් අගමැති දි. මු. ජයරත්න මහතා ඉල්ලා අස්‌විය යුතු වන්නේ බුද්ධ ශාසනය ආරක්‍ෂා වීමට පවතින නීති රීති ක්‍රියාත්මක කිරීමට ජයරත්න මහතා මෙන් අමාත්‍යාංශයේ නිලධාරීන් අපොහොසත් වී සිටින බැවිනැයි පැවසූ සද්ධාතිස්‌ස හිමිපාණෝ, රටේ ව්‍යවස්‌ථාවෙන් මේ රටේ බුද්ධ ශාසනය පෝෂණය කිරීමටත් සුරක්‍ෂිත කිරීමටත් රජය බැඳී සිටින බව පැවැසූහ.
මූලවාදී කණ්‌ඩායම්වලින් බුද්ධ ශාසනයට සහ ශාසනික දේපළවලට සිදුවන විනාශය සම්බන්ධයෙන් කරුණු කීමට බුද්ධ ශාසන අමාත්‍යවරයාගෙන් අවස්‌ථාවක්‌ ඉල්ලා සිටීමෙන් පසුව අගෝස්‌තු 13 වැනිදාට පෙර එම අවස්‌ථාව ලබා දී තිබෙන බව පැවසූ පූජ්‍ය සද්ධාතිස්‌ස හිමිපාණෝ 13 වැනිදාට පෙර එම අවස්‌ථාව නොලැබුණොත් තම සංවිධානය දැඩි ක්‍රියාමාර්ගයක්‌ ගන්නා බැවින් බුද්ධ ශාසන අමාත්‍ය වරයාත් වගකිවයුතු නිලධාරිනුත් ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බව පැවසූහ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!