“කරටිය කැඩෙන්න” අරක්කු බී රිය පදවා පොලිස් පරීක්ෂක ඝාතනයේ දොස්තර නෝනා බීලා හිටියේ නැතිලු…

“කරටිය කැඩෙන්න” අරක්කු බී රිය පදවා පොලිස් පරීක්ෂක ඝාතනයේ දොස්තර නෝනා බීලා හිටියේ නැතිලු…

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

පැපිලියාන වික්‍රමරත්න මාවත ප්‍රදේශයේදී විශේෂඥ වෛද්‍යවරියක අපරික්‍ෂාකාරී අන්දමින් පැදවූ සුඛෝපභෝගී රථයේ හැපී මරුමුවට පත්වූ පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ මරණය සිදුවූ අවස්‌ථාවේ එම වෛද්‍යවරිය බීමතින් සිට නැතැයි කළුබෝවිල රෝහල් වෛද්‍යවරුන් නිකුත් කර ඇති වාර්තාව අසත්‍ය බවත් මේ ගැන ඔවුන්ට තමන්ගේ දැඩි අප්‍රසාදය පළකරන බවත් එම ඥතීහු පැවසූහ.
පොලිසිය අදාළ වෛද්‍යවරියට ඇල්කෝ ලයිසරයක්‌ (බැලුමක්‌) පිම්බීමට දී ඇති අතර, එහිදී ඇය බීමත්ව සිටි බවට සනාථ වී ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන ඇතැයි ද එම ඥතීහු සඳහන් කළහ.
පසුගිය 30 වැනිදා අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ තිබුණේ බම්බලපිටිය පොලිස්‌ ක්‌ෂේත්‍ර බළකා මූලස්‌ථානයට අනුයුක්‌තව සේවය කළ එසේම ප්‍රසිද්ධ බොක්‌සිං උපදේශකවරයකු ද වූ අජන්ත ගාමිණී (51) නමැති පොලිස්‌ පරීක්‍ෂකවරයෙකි. තිදරු පියකු ද වූ ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවකු ද වේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබති.
අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී රථය පැදවූ විශේෂඥ වෛද්‍යවරියක වන ටිරානි කාවින්ද්‍යා (39), රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරියක බවත් ඇය මෙම මස 09 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇතත් ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ රැකවල් මැද ප්‍රතිකාර ලබයි.
අනතුරින් ඇයට කිසිදු තුවාලයක්‌ සිදුවී නොමැති බවත් ඇය රෝහල්ගතව සිටිනුයේ වැලිකඩ බන්ධනාගාරගත නොවී කෙලින්ම 09 වැනිදා උසාවියට ඉදිරිපත් වීමේ අරමුණින් බව රෝහල් ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කර සිටී.
මීට අමතරව මෙම වෛද්‍යවරිය අනතුර සිදුවන අවස්‌ථාවේ බීමතින් සිට නැතැයි වෛද්‍යවරුන් විසින් සනාථ කිරීමට හේතුව එම සැකකාර වෛද්‍යවරියගේ දෙමාපියන් කළුබෝවිල රෝහලේ මීට පෙර සේවය කර තිබීම බව හෙළිවිණැයි ද හෙතෙම කියා සිටියේය.
වෛද්‍යවරිය අධික ලෙස බීමතින් රිය පදවා ඇති බවට තහවුරු වී ඇති බවට සඳහන් වාර්තාවක්‌ අධිකරණයට භාරදුන් බව බොරලැස්‌ගමුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.
මීට අමතරව මෙම වෛද්‍යවරිය ගිය බව කියන ගල්කිස්‌ස රාත්‍රි සමාජ ශාලාවේ වේටර්වරයකුගෙන් ද කටඋත්තරයක්‌ ලබාගත් බවත් මෙම වෛද්‍යවරිය සමාජ ශාලාවේදී මත්පැන් පානය කළ බවට ඔහු කටඋත්තරයක්‌ ලබාදුන් බවත් එම නිලධාරියා කියා සිටියේය.
වෛද්‍යවරිය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකළ විට ඔහු වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම වෛද්‍යවරිය බීමතින් සිට නැති බවය.
ඇය වෛද්‍ය ක්‌ෂේත්‍රයේම කෙනකු නිසා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන් සාවද්‍ය වාර්තාවක්‌ ලබා දෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් එවැනි දෙයක්‌ පොලිසිය අතින් සිදුවූවේ නම් වෛද්‍යවරුන්ගේ තීරණය මීට වඩා දරුණු විය හැකි බවත් එම නිලධාරියා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම සියලු වාර්තා ලබන 9 වැනිදා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන බවද එම නිලධාරියා කියා සිටියේය.
සැකකාර වෛද්‍යවරිය කොහුවල දෙස සිට බොරලැස්‌ගමුව දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිය සුඛෝපභෝගී රථය ධාවනය කරද්දී එය අනෙක්‌ දිශාවෙන් පැමිණි පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ රථයේ ගැටෙන ආකාරය අසල වෙළෙඳසලක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලිවම දක්‌නට ඇතැයි ද පොලිසිය කියයි.
මේ පිළිබඳව බොරලැස්‌ගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත සිල්වා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ සහ කළුබෝවිල රෝහල් පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ධම්මික සහ මනෝඡ් යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!