“කඳුලු පිරි දෙනෙතින් මෙසී – රොනාල්ඩෝ සමුගනියි”

“කඳුලු පිරි දෙනෙතින් මෙසී – රොනාල්ඩෝ සමුගනියි”

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

පාපන්දූ ලෝක කුසලානයේ තවත් අවදානයට ලක්වූ තරග දෙකක් ඊයේ දින (01) පැවැත්වුනා. ඒ සුපිරි 16 වටයේ ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර තරගය සහ පෘතුගාලය සහ උරුගුවේ අතර තරගයයි.ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර තරගයෙන් ගෝල 4-3ක තියුනු ජයක් ලබා ගත්තේ ප්‍රංශයයි. ඒ සදහා ආර්ජන්ටිනා කණ්ඩායමේ දුර්වල ආරක්ෂක බැම්ම දැඩි ලෙස හේතු වූවා. ප්‍රංශය රැස් කළ ගෝල හතරින් ගෝල තුනක්ම ආරක්ෂක ක්‍රීඩකයන්ගේ වැරදි නිසා වාර්තා වීම කැපී පෙනුනි.ප්‍රංශය වෙනුවෙන් වාර්තා වූ ප්‍රථම ගෝලයද දඬුවම් පහරක් වූ අතර එම දඬුවම් පහර ප්‍රංශයට හිමි වූයේ ආරක්ෂක ක්‍රීඩක මාර්කස් රෝජෝගේ අත්වැරැද්දක් හේතුවෙනි. ප්‍රංශය වෙනුවෙන් දෙවන ගෝලය මැදපෙල ක්‍රීඩක වෝර්ඩ් රැස් කළ අතර කිලියන් එම්බැපේ ගෝල දෙකක් රැස් කළා.ආර්ජන්ටිනාව වෙනුවෙන් සුපුරුදු පරිදි ලයනල් මෙසී හුදෙකලා සටනක් දියත් කළ අතර ආර්ජන්ටිනා කණ්ඩායම වාර්තා කළ ගෝල තුනෙන් ද්විත්වයක්ම ලයනල් මෙසී විසින් නිර්මාණය කළේය. කෙසේ වෙතත් පාපන්දු යනු හුදෙකලා ක්‍රීඩාවක් නොව කණ්ඩායම් ක්‍රීඩාවක් බවට නැවතත් ඔප්පු කරමින් ලොව එදාමෙදා තුර බිහිවූ සුපිරිතම ක්‍රීඩකයා ලෙස හැදින්වෙන ලයනල් මෙසී ක්‍රීඩා කළ ආර්ජන්ටිනාව සාපේක්ෂව දක්ෂ ප්‍රංශය ඉදිරියේ එලෙසින් පරාජයට පත්වූවා.මේ අතර පෘතුගාලය සහ උරුගුවේ අතර තරගය ගෝල 2-1ක් ලෙස ජය ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත් වූවා. එහිදි උරුගුවේ වෙනුවෙන් එඩිසන් කවානී ගෝල දෙකක් රැස් කළ අතර පෘතුගාලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කළේ ආරක්ෂක ක්‍රීඩක පේපෙ විසින්. ක්‍රිස්ටියානො රොනාල්ඩෝට ගෝල සදහා කිසිදු දායකත්වයක් ලබා දීමට නොහැකි විය.මේ අනුව මෙම තරග දෙක ලයනල් මෙසීගේ සහ ක්‍රිස්ටියානො රොනාල්ඩෝගේ අවසන් ලෝක කුසලාන තරග වීමට බොහෝ ඉඩ තිබේ.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!