කතුන් වඳ භාවයට පත් කල මරක්කල දොස්තර ෂාෆිට එරෙහිව පැමිණිලි 400 ඉක්මවයි…

කතුන් වඳ භාවයට පත් කල මරක්කල දොස්තර ෂාෆිට එරෙහිව පැමිණිලි 400 ඉක්මවයි…

Spread the love
  • 104
  •  
  •  
  •  
    104
    Shares

වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද (01) පෙරවරු කාලය තුළ පමණක් පැමිණිලි 40ක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් වී ඇත.
වෛද්‍ය මොහොමඩ් ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු දරුඵල අහිමි වූ මව්වරුන් 40 දෙනෙකු අදත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට පමණක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 426කි.
මේ අතර වෛද්‍ය මොහොමඩ් ශාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුවේ ඊයේ (31) රැස්ව ඇත.
අමාත්‍යංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය පැවසුවේ විමර්ශන කටයුතු පිළිබද අතුරු වාර්තාව ඊයේ ඔවුන් සකස් කර ඇති බවයි.
ඒ අනුව අතුරු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය වෙත, ලබන සඳුදා (03) බාර දීමට නියමිතව ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

(Visited 64 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!