“කතරගම දෙවියන්ටත් නොපෙනුණු කපුවන්ගේ යුද්ධය”

“කතරගම දෙවියන්ටත් නොපෙනුණු කපුවන්ගේ යුද්ධය”

Spread the love
  •  
  •  
  •  
  •  

කතරගම දේවාල ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එකතුකරමින් පසුගිය 22 දා හිමිදිරි පාන්දර කඳ සුරිඳුන් වෙනුවෙන් හැඬවෙන මහ දෙවොලේ ඝණ්ඨාරය මුනිවත රැක්කේය. හරෝ හරා, පාඨයන්, සාධු සාධු පාඨයන් ඇසුණේ නැත. තේවාමුර බෙරපද, හොරණෑ නාදයන් ද නැත. ඒ වෙනුවට කතරගම දේවාල පූජා භූමියෙන් ඇසුණේ දේවාලෙට යන්න බැහැ. ගේට්ටු වහලා. උදේ පූජාව නවත්තලා. නිලමේ දේවාලයේ යතුර අරගෙන ගිහිල්ලා. කපු මාමයි, බෑණයි දේවාලය අයිති කරගෙන පූජාව නැතුව දෙවි කෝප වෙලා. රටට මහා අගුණයක්.මෙවැනි අවුල් ප්‍රශ්නකාරී කථාබස් දේවාල භූමි ප්‍රදේශයෙන් වාර්තා වෙද්දී උදෑසන හය වනවිට, කතරගම පොලීසියේ පැමිණිලි දෙකක් සටහන් වෙන්නේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා සහ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දොන් පිය තිස්ස කුමාරගේ යන මහත්වරුන් විසිනි.පොලිස් පොතේ සඳහන් වන්නේ මහා දේවාලයේ යතුර බස්නායක නිලමේ මැරයන් පිරිසක් සමඟ ගිනිඅවිද රැගෙන පැමිණ මහා දේවාල භූමියේදී කපුරාලගෙන් උදුරා ගත් බවට ප්‍රධාන කපු මහතාත්, තමන් සතුව තිබූ මහා දේවාලයේ යතුර ප්‍රධාන කපු මහතාගේ බෑණාවන කපුවකු ඇතුළු මැර පිරිස පැමිණ නිලමේ වලව්ව කඩා යතුර පැහැරගෙන යාමක් පිළිබඳව නිලමෙත් පැමිණිලි කළ බවය.මහා දේවාලේ යතුර පිළිබඳව දුරදිග ගිය ආරවුල හේතුවෙන් එදින උදෑසන කඳ සුරිදු වෙනුවෙන් පවත්වන දෛනික පූජා තේවාවද පැවැත්වූයේ පැය දෙකක් පමණ ප්‍රමාද වීමෙනි. එදින උදේ බලහත්කාරයෙන් රැගෙන ගියා යැයි පැවසූ මහදොවොලේ යතුර සම්බන්ධව විවිධ ආරංචි පැතිරීම නිසා බස්නායක නිලමේවරයා වාසය කරන බස්නායක වලව්ව ඉදිරිපිටට රැස්වූ පිරිසක් නිලමේ වලව්වේ ප්‍රධාන දොරටුවට පහරදී දොර කඩා බිඳ දමා වලව්ව තුළට පැමිණ බස්නායක නිලමේවරයාට සහ ඔහුගේ පුතාට ද පහර දී මහා දෙවොලේ යතුර යළි රැගෙන ගොස් දේවාලය විවෘත කර පූජා තේවාව උදෑසන 6.30ට සිදු කර තිබිණි. ප්‍රකෝප වූ පිරිස් බස්නායක නිලමේවරයාගේ ආරක්ෂක රැකවලුන්ට ද පහරදීම නිසා ඔවුහු දෙබරවැව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. මේ අතර ප්‍රකෝපව පැමිණි පිරිසක් තමන්ට පහර දී නිලමේ වලව්වේ තිබුණ කෝටි ගාණක් දේපළ ද මංකොල්ල කෑ බවට දොන් පියතිස්ස කුමාරගේ බස්නායක නිලමේවරයා කියයි.“ඉතිහාසයේ කිසිදු බස්නායක නිලමේවරයෙක් මෙලෙස මහා දෙවොලේ යතුර පැහැරගෙන ගිහින් නැහැ. බස්නායක නිලමේට කිසිම අයිතියක් නැහැ දේවාලයේ යතුර ගන්න. තේවාවේ මාස අවසන් වූවාම දේවාලය තුළදී කපු මහත්තුරුන් විසින් යතුරු හුවමාරුව කරගැනීම පෞරාණික චාරිත්‍රයයි. ඒ චාරිත්‍රය කඩලා මේ නිලමේ මැර බලයෙන් කටයුතු කිරීම දේවාලේ අතීත සම්ප්‍රදායන්ට නිග්‍රහ කිරීමක්” යැයි මහා දේවාලයේ කපු මහත්වරු කියති.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!