කතරගම ගොස් ගඟට බැස්ස පුද්ගලයෙකුගේ පාදයක් කිඹුලෙක් ඩැහැගෙන යයි

කතරගම ගොස් ගඟට බැස්ස පුද්ගලයෙකුගේ පාදයක් කිඹුලෙක් ඩැහැගෙන යයි

Spread the love
  •  
  •  
  •  
  •  

කතරගම පෙරහැර මංගල්‍ය අද (05) ආරම්භ වන නිසා මේ වන විටත් බැතිමතුන් බොහෝ පිරිසක් කතරගමට පැමිණ ඇත. ඉදිරි දින කිහිපයේදී ද තවත් බොහෝ පිරිසක් එහි පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.
කතරගමට පැමිණෙන බැතිමතුන් සෑම කෙනෙකුම පාහේ මැණික් ගඟේ දිය නෑම ද පුරුද්දක් කරගෙන ඇති අතර දිය නෑම සඳහා මැණික් ගඟට බැසීමේදී ආරක්ෂිත බවට දක්වා ඇති ස්ථාන පමණක් භාවිත කරන ලෙස මොනරාගල දිස්ත‍්‍රික් ලේකම් ඩී.ඒ. පද්මකුලසූරිය මහත්මිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. මැණික් ගඟේ කිඹුලන් ගැවසීම මීට හේතු වී ඇත.
මැණික් ගෙඟ් සිටි කිඹුලන් 9 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් ඉකුත් දිනවල ඉන් ඉවත් කෙරුණු බවද ඇය පැවසීය.
මේ අතර දියනෑම සඳහා මැණික් ගඟට බැසි පුද්ගලයෙකු ඊයේ (04) රාත‍්‍රියේ ද කිඹුල් ප‍්‍රහාරයකට ලක් වූ බවත් කිඹුලෙකු විසින් ඔහුගේ පාදයක කොටසක් ඩැහැගෙන ගොස් ඇති බවටත් වාර්තා වේ.

(Visited 58 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!