කඩුළු අතරේ දිව යාමේදී මැතිව් “උදාසීනයි”

කඩුළු අතරේ දිව යාමේදී මැතිව් “උදාසීනයි”

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

පිතිකරණයෙහි යෙදෙන විට කඩුළු අතර දිව යෑමේදී ඇන්ජලෝ මැතිව්ස් දක්වන ‘උදාසීනත්වය’ හා ඔහුගේ සහෝදර පිතිකරුවන් දුවද්දී දැවී යෑමට ලක් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව අවධානය යොමු කරයි.මැතිව්ස්ගේ එම දුර්වලත්වය ආසියානු කුසලාන තරගාවලියේ දී ද දක්නට ලැබුණු බව තේරීම් කමිටුවේ ප‍්‍රධානී ග‍්‍රැහැම් ලැබ්රෝයි වෙත පවසා ඇත.ඒ බව ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අවධානයට ද යොමුව තිබේ.පන්දුවාර 50ක් සඳහා පන්දු රැකීමට හා පිතිකරුවෙකු ලෙසින් තම වගකීම ඉටු කිරීමට මැතිව්ස් අසමත්ව ඇති බව කියා සිටින ඔවුන් දෙදෙනා, ශී‍්‍ර ලංකා පිලේ අනෙකුත් කී‍්‍රඩකයින් ද එම අදහස දරන බව පවසයි.මැතිව්ස් දුවද්දී දැවී යෑම් 64කට සම්බන්ධ බවත්, එය ලෝක වාර්තාවක් වන අතර, ඉන් අවස්ථා 49කදීම දැවී ගියේ ඔහුගේ සහෝදර පිතිකරුවන් බව හතුරුසිංහ කියා සිටී.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!