කඩාවැටුණු කොටස් වෙළෙඳපොළ නගා සිටුවන්න අගමැතිගෙන් යෝජනාවක්..

කඩාවැටුණු කොටස් වෙළෙඳපොළ නගා සිටුවන්න අගමැතිගෙන් යෝජනාවක්..

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් රජය මැදිහත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (20) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇති බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප්‍රමාණයක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් එම සමාගම්වල සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වූ බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමය මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
විවිධ හේතූන් මත ප්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් මෙහිදී කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් වැඩි අවධානයක් යොමු කළ නමුත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි.
පසුගිය වසර හතර හමාරක කාලය තුළ වසර පහළොවක පමණ කාලයක් ආපස්සට ගියා සේ මෙරට ආර්ථීකය විනාශ වූ බවත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය කඩිනම් වැඩ පිළිවෙලක් දියත් කරන බවත් ඒ යටතේ කොළඹ කොටස් වෙළදපොල වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මූලිකත්වය ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේදී අවධාරණය කළේය.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!