කට වාවාගන්න බැරි වූ රතන හිමි ආ අලුත්ගමගේ පැටලෙයි

කට වාවාගන්න බැරි වූ රතන හිමි ආ අලුත්ගමගේ පැටලෙයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.අතුරලියේ රතන හිමි විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.ඉන් ප‍්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගිය බවත්, රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවත් ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා පවසා ඇත.ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදු කළ යුතු සුදුසුම ක‍්‍රියාව තමන් කළ බවත් එය හොඳ හිතින් කළ දෙයක් බවත් අතුරලියේ රතන හිමියෝ එහිදී පවසා තිබේ.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!