කටුනායක ගුවන්තොටුපොලේ පිටත්වීමේ පර්යන්ත්‍රය  ලඟත්  බෝම්බයක්

කටුනායක ගුවන්තොටුපොලේ පිටත්වීමේ පර්යන්ත්‍රය ලඟත් බෝම්බයක්

Spread the love
  • 72
  •  
  •  
  •  
    72
    Shares

අද රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර, පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි.
ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග දේශීය වශයෙන් නිපදවා, පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම පුපුරණ උපකරණය අද රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීය.
මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබුණි.

(Visited 1,047 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!