“කච්චතිව් නැවත ඕනා” – තමිල්නාඩුව

“කච්චතිව් නැවත ඕනා” – තමිල්නාඩුව

Spread the love
  •  
  •  
  •  
  •  

කච්චතිව් දූපත යළි ලබාගැනීම සදහා ඉන්දීය රජය පියවර ගත යුතු බව තමිල්නාඩු මන්ත්‍රීවරු පිරිසක් පවසති. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පවත්වා ඊට අවශ්‍ය ක්‍රියාමර්ග ගත යුතු බව එම මන්ත්‍රීවරුන් පෙන්වාදෙයි.
ඒ.අයි.ඒ.ඩී.එම්.කේ., ඩී.එම්.කේ සහ සී.පී.අයි යන පක්ෂ වල මන්ත්‍රීවරුන් පිරිසක් මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කච්චතිව් දූපත ඉන්දියාවට අහිමිවිම තුළින් තමිල්නාඩු ධීවරයින්ගේ ජීවනෝපායට අහිතකර බලපෑම් එල්ලවන බව ඔවුන් පෙන්වා දෙයි.
කච්චතිව් දූපත ලබාගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ඉදිරිපත් කළ පෙත්සමක් 2011 වසරේ සිට මේ දක්වා එරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වෙමින් පවතියි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!