“ඔලුව උදුම්ම ගන්න එපා…!” – අලින්ට හක් ගෙඩියෙන් තරවටුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික හෙළ උරුමය පෙන්වා දෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයෙනන් කල ජයග‍්‍රහණය එජාපයේ තනි භුක්තියට නතුකර ගැනීම සුදුසු නොවන බවයි.
එසේ පටු දේශපාලන න්‍යායපත‍්‍ර මත කටයුතු කරන්නට යෑමෙන් ජනතාව බලාපොරොත්තු වූ ජයග‍්‍රහණය ඈතට යා හැකි බව ජාතික හෙළ උරුමය පෙන්වා දෙයි.
එමෙන්ම ජයග‍්‍රහණය තමන්ගේ යැයි සිතමින් තම අභිමතයට අනුව පටු දේශපාලන න්‍යායපත‍්‍ර මත කටයුතු කිරීමෙන් වැළකිය යුතු බව ජනාධිපතිවරණයට පෙර ජනතා අපේක්ෂව වුයේ යහපාලනය බැවින් පවතින නීති රාමුව තුළ ජනතා අපේක්ෂා ඉටු කිරීමට දින සියය යොදා ගත යුතු බවත් එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා සදහන් කරයි.
තවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරන ලද්දේ අලියා ලකුණින් පමණක් නොවන බව එක්සත් ජාතික පක්ෂය තේරුම් ගත යුතුව ඇති බව එතුමා වඩාත් අවධාරණය කරයි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!