‘ඔරුමිත්තනාඩු’ ගලවන්න කැමතියිලු – ලක්ෂ්මන් කිරිඇල්ල

‘ඔරුමිත්තනාඩු’ ගලවන්න කැමතියිලු – ලක්ෂ්මන් කිරිඇල්ල

Spread the love
  •  
  •  
  •  
  •  

ය‌ෝජිත නව ව්‍යවස්ථාවෙන් ‘ඔරුමිත්තනාඩු’ යන වදන ඉවත් කිරීමට ‌ද‌ෙමළ ජාතික සන්ධානය කැමත්ත පළ කර ඇතැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබෙනවා. ඔහු ප්‍රකාශකර ඇත්තේ ‌මේ අනුව නව ව්‍යවස්ථා ‌ය‌ෝජනාවලියේ සිංහල, ඉංග්‍රීසි සහ ‌දෙමළ යන පිටපත් තුනෙන්ම ‘ඔරුමිත්තනාඩු’ යන්න ඉවත් කර ඒකීය යන වචනය පමණක් ‌යොදන බවයි. එක්සත් ජාතික පක්ෂය ‌මේ දක්වා පැවසූ පරිදිම ලක්ෂමන් කිරිඇල්ල ඇමැතිවරයාද වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ දැනට ඇත්තේ ව්‍යවස්ථාවක් ‌නොව ඒ සම්බන්ධයෙන් වූ ය‌ෝජනාවලියක් පමණක් බවයි. ‌‌ක‌ෙසේ ‌ව‌ෙතත් පසුගිය දිනවල ශ්‍රී ලංකා‌ෙවේ ‌මහා සංඝරත්නය ඇතුළු විවිධ ද‌ේශප්‍රේමී පාර්ශ්වවල දැඩි කතාබහට ලක්වූ ‌ම‌ෙම ‘ඔරුමිත්තනාඩු’ යන වදන‌ේ යම් අභිරහසක් ඇති බව ‌දෙමළ ජාතික සන්ධානයේ ‌ම‌ෙම තීරණයෙන් ගම්‍ය වන බව විද්වතුන් පවසනවා.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!