“ඔයි බොරු…මම පිරිසුදුයි…” – ඕස්ට්‍රේලියානු දැවැන්ත අල්ලස් චෝදනාවට සිරිසේනගෙන් බබා පිළිතුරක්

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ උපදේශකවරයෙක් 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැගීම සඳහා වන කොන්ත්‍රාත්තුවක් ඔස්ට්‍රේලියා සමාගමකට පැවරීම සඳහා අල්ලස් ඉල්ලූ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි ‘සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්‘ නම් ඔස්ට්‍රේලියා පුවත්පත හෙළි කර තිබිණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ප‍්‍රවෘත්ති වාර්තාව පිළිබඳ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතිපතිට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එසේම එවැනි සිද්ධියකට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද, තමාගේ දේශපාලන ජීවිතයේ කිසිදු දිනක දූෂණ අක‍්‍රමිකතාවයන් සඳහා මැදිහත් නොවූ බවද ජනපති නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!