“ඔබ වහන්සේ මෙතන පන්සල හැදුවේ කොහොමද ??…” – යහපාළු සුරතල් TNA කොටි විහාරාධිපති ගෙන් ප්‍රශ්න කරයි

“ඔබ වහන්සේ මෙතන පන්සල හැදුවේ කොහොමද ??…” – යහපාළු සුරතල් TNA කොටි විහාරාධිපති ගෙන් ප්‍රශ්න කරයි

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක්‌ පෙරේදා (10 දා) මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කොට එම පළාතේ සිංහල ජනාවාස ඉදිකිරීමට නියමිත සියලුම ප්‍රදේශ පරීක්‍ෂා කොට තිබේ.
කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන්ගෙන් ප්‍රශ්න කොට ඇත්තේ උන්වහන්සේට විහාරස්‌ථානය ඉදිකිරීමට ඉඩම ලැබුණු ආකාරය පිළිබඳවයි.
එම ඉඩම් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ නඩුවක්‌ තිබූ බවත් නඩුව පවරන ලද අයම එම නඩුව ඉල්ලා අස්‌කර ගත් බවත්, මුලතිව් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයෙන් මේ ඉඩම සඳහා බලපත්‍රයක්‌ ලබාදුන් බවත් ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන් විසින් දෙමළ ජාතික සන්ධානයේ මැති ඇමැතීන්ට පවසා තිබේ.
සිංහල බෞද්ධයින් නොමැති ප්‍රදේශවල බෞද්ධ විහාරස්‌ථාන ඉදිකිරීමෙන් පළක්‌ නොමැති බව ප්‍රකාශ කොට ඇති එම කණ්‌ඩායම අනතුරුව “මායාපුර” ලෙස සංවර්ධනය වන ප්‍රදේශය නැරඹීමට ගොස්‌ තිබේ. ඒ සඳහා ඉඩම් රජයෙන් ලබාදී ඇත්තේ මහවැලි ව්‍යාපාරයක්‌ වශයෙනි.
මේ සියලුම දේ නීති විරෝධී බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ පිරිස මුලතිව් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ එම ඉඩම් ආපසු ලබා ගන්නා ලෙසත් ලබාදී ඇති ඉඩම් අවලංගු කරන ලෙසත් ඉල්ලමින් විරෝධතාවක නිරතවී තිබේ.

(Visited 82 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!