“ඔත්තුවට ඩොලර් මිලියනයයි” දන්නවා නම් දන්වන්න….

“ඔත්තුවට ඩොලර් මිලියනයයි” දන්නවා නම් දන්වන්න….

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලබා දෙන අයෙක් වෙත ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ අල් කයිඩා නව නායකයා වශයෙන් හම්සා බින් ලාඩන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.2011 වසරේ දී පාකිස්ථානයේ ඇබෝටොබාද් හි නිවසක සැඟව සිටියදී අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමට අමෙරිකා සීල් බලඝණයේ විශේෂ ප්‍රහාරක ඒකකය සමත් වූ අතර ඉන් පසුව එම සංවිධානය අංශ කිහිපයකට විහිදී ගිය බවයි අමෙරිකාව පවසයි.කෙසේ වුවත් මිට වසර දෙකකට පමණ ඉහතදී හඬ පටයක් හරහා හම්සා බින් ලාඩන් සිරියාවේ සිටින ඉස්ලාමිය අන්තවාදී (IS) සටන්කාමීන් වෙත පණිවිඩයක් දෙමින් කියා සිටියේ බටහිර ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලබන සටන අත්නොහරින ලෙසයි. 

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!