‘‘ ඔක්කොමලා පිටිපස්සට යන්න ! බස් එකේ බ්රේක් නෑ ! ‘‘ මගී ජීවිත බේරා බස්රථය තුළ මියගිය රියදුරා කී දේ

‘‘ ඔක්කොමලා පිටිපස්සට යන්න ! බස් එකේ බ්රේක් නෑ ! ‘‘ මගී ජීවිත බේරා බස්රථය තුළ මියගිය රියදුරා කී දේ

Spread the love
  •  
  •  
  •  
  •  

අනෙකා වෙනුවෙන් සිය මරණය තෝරාගනු ලබන්නේ සමහර මිනිසුන් පොදු සටන් බිමි තුළයි. අනතුරුව ඔහු හෝ ඇයව පොදු ඡනතාව විසින් උත්සවාකාරීව ස්මරණය කරනවා. එහෙත් සිය ඡිවන අරගලය තුලම යමි කිසි අවස්ථාවක අනෙකා වෙනුවෙන් නිහඩවම කිසිත් නොඉල්ලාම සිය මරණය තෝරා ගනු ලබන මිනිසුන් ද සිටිනවා. ඔහුගේ නමවත් නොදන්නා මේ එවැනි කතාවක්.”ඊයේ ඒ නිශ්චිත පැයේ හපුතලේ බෙරගල මාර්ගයේ ගමන් කල ලංගම බස් රථයේ සිටි මිනිසුන් ඔවුනගේ අඹුවන් දු පුතුන් දැකීමට නිවෙස් වෙත යන අතරතුර එකී බස් රථයේ රියදුරා තම බිරිද හා දු දරැවන්ට එකී අවස්ථාව අහිමි කරමින් බස් රථයේ සුක්කානම තරව ගෙන මරණය තෝරාගෙන තිබෙනවා.මාතලේ බස් ඩිපෝවෙන් ඔහුට එදා මාතලේ බෙරගල මාර්ගයේ ධාවනයට දී තිබුනේ යාන්ත්‍රික දෝෂ සහිත බස් රථයක්. ඔවුනට අනුව එය පණ ගන්වා මාර්ගයේ ධාවනය කල හැකි තත්වයේ වූවක්. බලධාරි ඔවුනට අවශ්‍ය එපමණකි. එය පණ ගන්වා ගත් රියදුරා මිනිසුන්ද සමගින් බෙරගල අධික බෑවුමෙි එන විට බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී තිබෙනවා.පරිණත රියදුරෙක් බැවින් ඔහු වහා අඩු ගියර් වලට මාරැවී රථයේ වෙිගය පාලනය කරන්නට උත්සාහ කරන්නට ඇති නමුත් මාර්ගයේ අධික බෑවුම නිසා ඔහු සිතු තරමි වෙිගය අඩාල නොවුනු බසය වෙිගයෙන් පල්ලම දිගේ ධාවනය වන අතර ඉදිරි පස වංගුවෙිදී බසය පාලනය කර ගත නොහැකි බව ඔහුට සක්සුදක් සේ විශ්වාස වන්නට ඇත. වංගුවෙිදී අධික වෙිගයෙන් හැරවිය නොහැකි බසය වමි පස හෙලට පෙරලෙනු ඒකාන්තය. ඔහු හැකි උපරිම ශබිදයෙන් කෑ ගැවෙිය.

‘‘ ඔක්කොමල බස් එකේ පිටිපස්සට යන්න ! බස් එකේ බ්රේක් නෑ ! ‘‘

එසේ කී ඔහු ඊළග මිනිත්තුවෙි වෙිගයෙන් ඇදී යන බසය දකුණු පස උස් කදු බෑවුම දෙසට හරවා ඇත්තේ ‘දඩාස්’ යන හඩින් කන්දේ හැපුණු බසය ඉදිරිපස මුහුණ පොඩි පටිටමි කරමින් නවතින බැව් දන්නා බැවින් විය යුතුය.

ඉදිරිපස පොඩි පටිටමි වු බස් රථයේ සුන්බුන් අතර තවමත් අත නොහැරිය සුක්කානම මත මෙි මිනිසාගේ ප්‍රාණය නිරැද්ධ දේහය තිබී ඇත. සියල්ලෝම ගෙදර ගිය නමුත් ඔවුන්ට ගෙවල් දොරවල් වලට යන්නට මෙි මිනිසා සුන්බුන් ගොඩක් මත තනිව නැවති තිබෙනවා.

තමාගේ ආත්මාර්ථකාමී පරමාර්ථයන් ඉෂ්ඨ නොවු කල සමහරැ දිවි නසා ගන්නට පෙළඹෙනවා. එසේ දිවිනසා ගන්නා දහසක් එවුන් අතරන් ඡනප්‍රිය එකා වෙනුවෙන් මිනිසුන් සටහන් තබාන්නට, අඩන්නට, වැළපෙන්නට පෙළ ගැසී සිටින නමුත් කිසිවක් නැතිව හුදෙකලා මිනිසෙක් අති උතුමි අරමුණක් පෙරදැරිව තවත් මිනිසුන් වෙනුවෙන් තමාගේ මරණය තෝරා ගත්විට ඔහු ගැන ලිවීමට සමාජය පෙළඹෙන්නේ නැත.”

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!