”ඒ බෝම්බයක් නෙවෙයි,නිකන් ග්‍රෙනේඩ් වගයක්”රනිල් කබරගොයා තලගොයා කරගනියි [video]

”ඒ බෝම්බයක් නෙවෙයි,නිකන් ග්‍රෙනේඩ් වගයක්”රනිල් කබරගොයා තලගොයා කරගනියි [video]

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

පවතින දේශපාලන මුහුණුවරත් සමග සහ රටේ ඇතිවී තිබෙන අස්ථාවරත්වයට වග උත්තර බදිමින් සිටින ආණ්ඩුව අද[21]දියතලාවේ සිදුවූ බෝම්බ පිපිරිම පිලිබදව පරීක්ෂණ නිම කිරීමටත් පෙර පුල පුලා ප්‍රකාශ කරන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවය.
”දියතලාව ප්‍රදේශයේදී අද අළුයම බස් රථයක් ගිනිගෙන ඇත්තේ මගියකුගේ බැගයක් තුළ තිබිච්ච ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරලා ගියපු නිසා..” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සම්බන්ධව තමන් නීතිය හා සාමය ඇමතිවරයාගෙන්, හමුදාපතිවරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් විමසූ බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා ලවා ඉදිරි පරීක්ෂණ කරගෙන යන බවයි.


(Visited 50 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!