”එ..ක කෝ..මද අපි එක අම්මගේ දරුවෝ කියන්නේ..මේක අපේ ජතියට කැළලක් ”-විග්නේශ්වරන්

”එ..ක කෝ..මද අපි එක අම්මගේ දරුවෝ කියන්නේ..මේක අපේ ජතියට කැළලක් ”-විග්නේශ්වරන්

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

ශ්‍රී ලංකාව තුල වෙසෙන්නේ එකම මවකගේ දරුවන් නොව එම වචනය පාවිච්චි කරමින් වෙනත් ජාතීන් යටපත් කරගැනීමේ වෑයමක් ක්‍රියාත්මක වන බව උතුරේ මහ ඇමැතිවරයා පවසයි .
මහ ආණ්ඩුවෙනුත් මහ ජාතියෙනුත් ඉදිරිපත් කරනු ලබන “ඔක්කොම ලාංකික, වෙනස්කම් අවශ්‍ය නෑ, එක මවකගේ දු දරුවන්” වැනි ඇතැම් මතවාද බැලූ බැල්මට නිවැරදි යයි පෙනී ගියත් එමගින් ජාතීන් අතර විවිධත්වය වසං කොට සුළු ජාතිකයන් මහ ජාතියට යටත් කිරීමේ යටි අරමුණක් විදහා දැක්වෙන්නේ යයි මහ ඇමැති සී වී විග්නේස්වරන් උතුරේ මාධ්‍යවේදීන් සමග පැවති හමුකදී ප්‍රකාශ කර ඇත.
“අපි හැමදෙනාම එකම මවකගේ දු දරුවන් කියන විට අපේ අම්මලාත් සිංහල බෞද්ධ වෙනවා,” යි මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේය
“ඔයාලා අපිත් එක්ක එකතු නූනොත් ඔබලාව අපි එකතු කරගන්නේ නෑ. ගහලා වද දෙනවා කියලාත් අර්ථකථනය කර ගන්න පුළුවන්.”
දෙමළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා සලකා බලා විසඳුම් ලබා නොදී මධ්‍යම ආණ්ඩු වලින් සපයන උත්තරයක් ලෙස මහ ඇමැති විග්නේස්වරන් විසින් එම මතවාද හඳුන්වා දෙන ලදී

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!