එල්.ටී.ටී.ඊ. යට අරමුදල් රැස් කලැයි 13කට අධිචෝදනා

එල්.ටී.ටී.ඊ. යට අරමුදල් රැස් කලැයි 13කට අධිචෝදනා

Spread the love
  •  
  •  
  •  
  •  

ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් තහනම් ත්‍රස්ත සංවිධානයක් වෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීම පිළිබඳව 13 දෙනෙකුට අධිචෝදනා බාර දී තිබේ.
ස්විට්සර්ලනත්යේ, ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ 13 දෙනෙකුට මෙසේ අධිචෝදනා බාර දී ඇති බව ස්විස්ඉන්ෆෝ පුවත්සේවය වාර්තා කරයි. තහනම් අපරාධ සංවිධානයක සාමාජිකයන් වීම වැරදි, අසත්‍ය සහතිකකරනය හා මුදල් විශුද්ධීකරණය යන චෝදනා යටතේ මෙසේ ඔවුන්ට අධිචෝදනා ගොනු කර තිබේ.
ස්විට්සර්ලනත්යේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ත්‍රස්ත සංවිධානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15.2 (රු.මි. 2249.6ක්) ඔවුහු මෙසේ රැස්කර තිබෙන බවත් නීතිපති කාර්යාලය උපුටා දක්වමින් ස්විස්ඉන්ෆෝ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබේ.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!