එමානුවෙල් කොටියා, ඇතුළු කොටි රැල සමග  ජිනීවාහිදී පෙම් කෙලි මංගල පින්සිරිගේ හෙළිදරව්ව

එමානුවෙල් කොටියා, ඇතුළු කොටි රැල සමග ජිනීවාහිදී පෙම් කෙලි මංගල පින්සිරිගේ හෙළිදරව්ව

Spread the love
  •  
  •  
  •  
  •  

විදේශ ඇමැති සමග සාකච්ඡා කරන ප්‍රංශ ඊළාම් සම්බන්ධීකරන කවුන්සිලයේ තිරුමෝටි, ස්‌විස්‌ ඊළාම් කවුන්සිලයේ බොස්‌කෝ මරිසදාස්‌, ඉන්දියාවේ ඊළාම්වාදී පෝල් නිව්මන් ඇතුළු බෙදුම්වාදීන්.
වන්නි මෙහෙයුමට දායක වූ හමුදා සෙන්පතිවරු දසදෙනා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත “හයිබ්‍රිඩ්” අධිකරණයක්‌ වෙත යොමු කළ යුතු ද යන භයානක ප්‍රශ්නය මෙරට රජය හමුවේ ඉදිරිපත් වී ඇත. මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ස්‌විට්‌සර්ලන්ත රජය ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමත් සමගම ස්‌විස්‌ රජය දියත් කළ කුමන්ත්‍රණකාරී මෙහෙයුමේ තොරතුරු දැන් හෙළි වී ඇත. මේ මෙහෙයුම පිටුපස සිටියේ ඊළාම් ඩයස්‌පෝරාවයි. එය තහවුරු වූයේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර රෝම සම්මුතියට අදාළ ජාත්‍යන්තර අධිකරණයට එකඟ විය යුතු යෑයි ස්‌විස්‌ තානාපතිවරයා කියා සිටිමයි. එහි අරමුණ වූයේ වන්නි මෙහෙයුම දියත් කළ හමුදා නායකයන් හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත ශ්‍රී ලංකාව ලවාම ගෙන යැමයි. එසේම ශ්‍රී ලංකාවේ අපරාධ නීති සංග්‍රහය සංශෝධනය කර ඊට යුද අපරාධ චෝදනාවලට දඬුවම් කළ හැකිය යන නීතියද ඇතුළත් කළ යුතු බවත් ඉන් වරදකරුවන්ට ගැලවිය නොහැකි බවත් ස්‌විස්‌ තානාපතිවරයා තවදුරටත් කියා සිටියේය.
එහෙත් වසර ගණනකට පෙර හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර්ගේ උපදෙස්‌ මත හිටපු ජනාධිපතිනිss චන්ද්‍රිකා කුමාරතුංග මෙම රෝම සම්මුතියට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළාය. මෙම ජාත්‍යන්තර අධිකරණයට ඉන්දියාව, රුසියාව මෙන්ම ඇමරිකාවද අත්සන් කළේ නැත. එහෙත් ඇමරිකානු රජයද ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. එසේ වුවත් ඇමරිකානු රාජ්‍යය තම සෙබළුන් රැකගන්නේ කෙසේද යන්න වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ඇතිකරගත් ගිවිසුමකින් සනාථ විය. ඉරාක යුද්ධය පැවැති සමයේ කොළඹ ඇමරිකානු තානාපති ඈෂ්ලි විලිස්‌ එවකට සිටි විදේශ කටයුතු ඇමැති ටිරෝන් ප්‍රනාන්දු සමඟ ගිවිසුමක්‌ අත්සන් කරමින් කිසිදු ඇමරිකානු සෙබළෙක්‌ ඇමරිකාවේ අවසරයකින් තොරව විදේශ රටක අධිකරණයක්‌ වෙත ගෙන යැමට නොහැකි බවට සම්මුතියක්‌ ඇති කරගනු ලැබීය.
එදා ඇමරිකානු සෙබළුන් බේරා ගැනීමට ගිවිසුම් අත්සන් කළ ඇමරිකාව මෙවර ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව වගවීම හෙවත් යුද අපරාධවලට වගකිව යුතු යෑයි දක්‌වමින් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව දන්aවා ඇත.
මේ පසුබිම මැද ස්‌විස්‌ රජය ක්‍රියාත්මක වී තිබේ. ස්‌විස්‌ තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතා කළ ප්‍රකාශයේ සමූලඝාතන අපරාධ ගැනද පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා රෝම සම්මුතිය 2002 වසරේÊසිට පිළිගන්නා ලෙසද ඔහු ඉල්ලා ඇත.
ස්‌විස්‌ රජයේ මෙම කුමන්ත්‍රණකාරී මෙහෙයුම පිටුපස ඊළාම්වාදී ජින්aබැන්ඩ් කල්ලිය සිටී. එය තහවුරු වන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණීම සඳහා ඊළාම්වාදීන්ට ස්‌විස්‌ රජය වීසා බලපත්‍ර ලබාදීමයි. මෙවර මානව හිමිකම් සැසිවාරයට උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්, පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රංශයේ ද්‍රවිඩ ඊළාම් ජාතික කමිටුවේ නියෝජිත තිරුමෝටි ස්‌විස්‌ ඊළම් කවුන්සිලයේ බොස්‌කෝ මරියද්‍රස්‌ ඉන්දියාවේ බැන්ගලෝරයේ සිටින ඊළාම්වාදියකු වූ පෝල් නිව්මන් ඇතුළු ඊළාම්වාදීන් එක්‌ව සිටියහ.
මේ පිරිසගේ එකම අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ හමුදා නායකත්වයට ජාත්‍යන්තර විනිසුරුවන් ලවා දඬුවම් කිරීමයි. එම පසුබිම මැද ස්‌විස්‌ රජය ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ට මානව හිමිකම් කවුන්සිලයේ තානාපතිවරු සමඟ සාකච්ඡා කිරීමටද අවස්‌ථාව සලසා දී ඇත. එහෙත් කොළඹින් ජිනීවා ගිය ඩොලර් අරමුදල් මත යෑපෙන එන්. ජී. ඕ. කල්ලිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී විදේශ රටවල් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට පැවසුවේ නැතැයි මෙරට ජනතාව රවටමින් කියා සිටී. එහෙත් සත්‍ය වසන් කළ හැකිද? මෙවර මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා ඊළම් ජින්බැන්ඩ් කල්ලිය විසින් හිටපු කොටි ත්‍රස්‌තවාදී කාන්තාවක්‌ද ගෙන ආහ. ඇයට මානව හිමිකම් සැසිවාරය ඇමතීමටද ඉඩ ලැබිණි. මේ කොටි ත්‍රස්‌තවාදී කාන්තාව පසුගිය රජයට මෙන්ම වත්මන් රජයටද චෝදනා කළාය. වත්මන් රජය විනිවිද බවින් යුක්‌තව ක්‍රියා නොකරන බව ද ඇය වැඩිදුරටත් පළ කළාය.
මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධ ඇයට මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩ ලැබීමයි.
ස්‌විස්‌ ප්‍රතිවිරුද්ධ ද්‍රවිඩ ආරංචි මාර්ග පැවසුවේ ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇති එම කොටි කාන්තාව රාධා බළකායේ ප්‍රධානතම ක්‍රියාකාරිනියක්‌ බවත් ශ්‍රී ලංකාවෙන් පැන අවුත් දේශපාලන රැකවරණ පතා සිටින බවත්ය.
මේ අතර 2009 සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිත පිරිසට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ එදිරිවාදිකම් සිදු කළ ඊළාම්වාදීන් කල්ලිය පසුගිය ජුනි 28 දා මානව හිමිකම් කවුන්සිලය තුළදී විදේශ ඇමැති මංගල සමරවීර හමුවී සාකච්ඡා කිරීමට ඉදිරිපත් විය.
මේ ඊළම් බෙදුම්වාදීන් මංගල සමරවීර අමාත්‍යවරයා හමුවූයේ සංහිඳියාව ගැන සාකච්ඡා කිරීමට නොවේ. ඒ ජිනීවා යෝජනාව ප්‍රකාර ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කරන්නේ කවදාදැයි දැන ගැනීමටය.
මෙය යුද අපරාධකරුවන් යුද අපරාධ ගැන සෙවීමට අධිකරණයක්‌ ස්‌ථාපිත කරන්නැයි කරන ඉල්ලීමකි. මෙකී ඊළාම්වාදී ජින්බැන්ඩ් කල්ලිය මෙම ප්‍රශ්නය නඟා ඇත්තේ මංගල සමරවීර මහතා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී ඉතා බියකරු ප්‍රකාශයක්‌ කිරීම නිසාය. එහිදී විදේශ ඇමැතිවරයා දක්‌වා ඇත්තේ යෝජිත නව හයිබ්‍රිඩ් අධිකරණ යාන්ත්‍රණය තුළ විදේශ සහභාගිත්වයක්‌ ඇති බවයි. එහෙත් එම යාන්ත්‍රණයේ ස්‌වභාවය ගැන තමාට නිශ්චිත ලෙස පැවසිය නොහැකි බව විදේශ ඇමැතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.
විදේශ ඇමැතිවරයාගේ මේ බියකරු ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල දරන ස්‌ථාවරයට මුළුමනින්ම එරෙහි වීමය.
මංගල සමරවීර අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තවත් බරපතළ නිර්දේශයක්‌ කර ඇත.
එම නිර්දේශ පසුබිමේ සිටියේ ඊළාම් ඩයස්‌පෝරාව බව සනාථ වන්නේ ඊට අදාළ කරුණු ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් කලකට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ට ඉදිරිපත් කිරීමය.
මානව හිමිකම් කොමසාරිස්‌ගේ එකී භයානක නිර්දේශය මෙයයි. “වන්නි මෙහෙයුම සමයේ ඇති වූ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා අන්තර්ජාතික නීතිය යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සිදු කර ඇති බව පවසන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණය ස්‌ථාපිත කිරීමට අවශ්‍ය නීතිරීති යෝජිත ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතුය.
මානව හිමිකම් කොමසාරිස්‌වරයා ලොව කිසිදු රටකට මෙවැනි නිර්දේශයක්‌ ඉදිරිපත් කර ඇත. එහෙත් ශ්‍රී ලංකා රජය ඔහුගේ එම ප්‍රකාශයට අභියෝග කරමින් නුඹට ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්‌ථාවට ඇඟිලි ගැසීමට අයිතියක්‌ නැතැයි ප්‍රකාශ කර නැත. මෙය ශ්‍රී ලංකාව අසරණ තත්ත්වයට පත් වීමකි.
මෙලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයා යෝජිත ව්‍යවස්‌ථාව ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණය පිහිටුවීමට ක්‍රියා කළ යුතු යෑයි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයෙක්‌ ඔහුට පොරොන්දුවක්‌ ලබාදීම නිසාය.
මෙම පොරොන්දුවෙන් කියා සිටින්නේ වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් දඩයම් කිරීමට ඉඩ දෙන බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවට ජිනීවාහිදී සිදුවූ භයානක සිදුවීම් වසන් වී ඇත.
මෙම ජිනීවා සමුළුවට ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද සහභාගි වී සැසිවාරය මෙලෙස පැවසීය. “විදේශ ඇමැතිවරයා මෙම කවුන්සිලය හමුවේ ප්‍රතිඥ දුන්නත් එම ප්‍රතිඥවලට පටහැනි ලෙස ජනාධිපති හා අගමැති සිංහල ජනතාවට පොරොන්දුවක්‌ දෙමින් කිසිදු ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ නොදෙන බව පවසා තිබෙනවා. මේ පසුබිම මැද විදේශ විනිසුරුවන් සහිත වගවීම් යාන්ත්‍රණයක්‌ (හයිබ්‍රිඩ් අධිකරණයක්‌) ස්‌ථාපිත කිරීමට මානව හිමිකම් කවුන්සිල, පියවර ගත යුතු යෑයි මම ඉල්ලා සිටිනවා. සමූලඝාතන ක්‍රියා සිදුවූ බව ද්‍රවිඩ ජනතාව කියා සිටී.
එසේම ජාත්‍යන්තර සහභාගීත්වයක්‌ සහිත යාන්ත්‍රණයක්‌ පිහිටුවීමට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ක්‍රියා කළ යුතුයි.
පොන්නම්බලම් මෙලෙස හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව කියා සිටිද්දී සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ව්‍යාපාරය නමැති එන්. ජී. ඕ. සංවිධානය මෙහෙයවන්නා “හයිබ්‍රිඩ්” අධිකරණ සිද්ධිය වසන් කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථවිය.
මෙම පසුබිම මැද අන්තර්ජාතික විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ 2017 මාර්තු මස තෙක්‌ කල් දී ඇත. මාර්තු මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් කොමසාරිස්‌a සිය නිර්දේශ ඉටු කිරීමට රජය ක්‍රියා කළේද නැද්ද හා ඉටු නොකළේ නම් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌දැයි ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ අනුව ඊළාම් ජින්බැන්ඩ් කල්ලියද ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග ගැන බලා සිටී. මෙහිදී ශ්‍රී ලංකා හමුදාව ද ඊළාම් ඩයස්‌පෝරාවද යන අංශ දෙකෙන් එකක්‌ තෝරා ගැනීමට රජයේ බලධාරීන්ට සිදු වේ.
මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඊළාම් ඩයස්‌පෝරාව ඉතා ප්‍රබලව ක්‍රියාත්මක විය. ප්‍රභාකරන්ගේ යුද අපරාධවලට සහාය වූ ප්‍රංශ ඊළාම් සම්බන්ධීකරණ කමිටුව ස්‌විස්‌ ඊළාම් කවුන්සිලය ගෝලීය ද්‍රවිඩ සංසදය ගැන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති කොටි හිතවාදී සංවිධානවලට සම්බන්ධ ඊළාම්වාදීහු මුළු කවුන්සිලයම අරක්‌ගෙන සිටියහ.
එහෙත් මොවුන් සියලුදෙනාම යුද අපරාධවලට දායක වූවන්ය. එසේ වුවත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා එහි යුද අපරාධකරුවන්ට මානව හිමිකම් කවුන්සිලයේ දොර විවෘත කරනු ලැබීය.
මෙම සියලු සිදුවීම්වලට පෙර ස්‌විස්‌ රජය ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණ මෙහෙයුමේ මුල් අදියර 2016 ජනවාරි මස දියත් විය.
ඒ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරියා වූ ඩවිංඩ් විගාන්ට්‌ ස්‌විට්‌සර්ලන්තයේ පෙඩරල් කටයුතු පිළිබඳ ආයතනයේ විශේෂඥයන් තිදෙනකු ගෙන්වා යාපනයට යවා ශ්‍රී ලංකාව පෙඩරල් රටක්‌ කිරීමට උපදෙස්‌ දීමට ක්‍රියා කිරීමයි.
ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පිහිටුවීමේ ක්‍රියාදාමයට මැදිහත් වීමට ස්‌විස්‌ දේශපාලන කටයුතු බාර නිලධාරියාට ඇති හිමිකම කුමක්‌දැයි රජය හෝ විදේශකටයුතු ඇමැතිවරයා විමසුවේ නැත.
එම ස්‌විස්‌ විශේෂඥයන්ගේ උපදෙස්‌ මත උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමේ මෙහෙයුම නිර්දේශ කළේය. එහි දෙවැනි අදියරට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මැදිහත් වී ඇත.
එය සනාථ වන්නේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට නිර්දේශ ඉදිරිපත් කිරීමට ඔහු ක්‍රියා කිරීමෙනිs.
මේ අතර මානව හිමිකම් කවුන්සිලය තුළදී විදේශ ඇමැතිවරයා සාකච්ඡා කළ නියෝජිතයන් අතර රටින් පිටත ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ නියෝජිතයකු ද විය. මේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මුලින්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකත්වය යුද අපරාධවලට වගකිවයුතු බව දක්‌වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පිටු 33 ක වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. එහි ඇතුළත් කර තිබූ නම් මෙසේය. මහින්ද රාජපක්‍ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් ෙµdන්සේකා, ජගත් ඩයස්‌, ශවේන්ද්‍ර සිල්වා, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න, තිසර සමරසිංහ, ජී. ඩී. චන්ද්‍රසිරි, වසන්ත කරන්නාගොඩ සහ පාලිත කොහොන.
එහෙත් මැතකදී සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් තවත් හමුදා සෙන්පතිවරුන්ගේ නම් කීපයක්‌ද ඊට ඇතුළත් කර ඇත. ජගත් ජයසූරිය චාගී ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා යන සෙන්පතිවරුන්ගේ නම්ද එහි දක්‌වා තිබේ.
එසේම මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට එරෙහිව යුරෝපා අධිකරණය හමුවේද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකාව අධිකරණය හමුවේද නඩු දෙකක්‌ ගොනු කර තිබුණි.
මේ පසුබිම මැද රාජ නීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නඩු පැවරිය නොහැකි බවයි. එහෙත් විශාල ධන සම්භාරයක්‌ ඇති ඊළම් ඩයස්‌පෝරාව මානව හිමිකම් කොමසාරිස්‌ සමග එක්‌වී ශ්‍රී ලංකා රජය ලවා විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කර සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීමට සූදානම් වී ඇත.
මේ අතර 2017 පෙබරවාරි මස යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ අධිකරණ යාන්ත්‍රණය ස්‌ථාපිත කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවක්‌ ඇමතූ හෙතෙම විදේශ විනිසුරුවන් එකී යාන්ත්‍රණයට සම්බන්ධ කර නොගන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඒ මහතාගේ අදහසක්‌ බවද පළ කළේය. ජාත්‍යන්තර සහභාගීත්වය් සම්බන්ධයෙන් අර්බුදයක්‌ නැතැයිද හෙතෙම වැඩිදුරටත් කීවේය. එසේම හමුදාව මෙහෙය වූ පාර්ශ්ව ගැන විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක්‌ මතුවී ඇතැයි ද සමරවීර මහතා පළ කළේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!