“එදා…,TNA එක්ක ගේම නොගැහුවානම්, අද ඔයා ලොවෙත් නෑ.. “-සිරිසේනගේ කතාවට කිපුණු පින්සිරි

“එදා…,TNA එක්ක ගේම නොගැහුවානම්, අද ඔයා ලොවෙත් නෑ.. “-සිරිසේනගේ කතාවට කිපුණු පින්සිරි

Spread the love
  • 80
  •  
  •  
  •  
    80
    Shares

විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද අගමැතිවරයා එජාප ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා හමු වූ අතර එම හමුව ජනාධිපති නිළ නිවසේදී මීට පැය කිහිපයකට පෙර පැවැත්විණි. විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හා යහපාලන රජයේ අනාගතය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වේ.ජනාධිපතිවරයා කෙලින්ම අගමැතිවරයාට පවසා ඇත්තේ ‘දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා’ කියාය.අගමැතිවරයා ඊට පිළිතුරු දීමට පෙර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊට පිළිතුරු ලබා දී ඇත්තේ බොහෝ දෙනාට අමතක වී ඇති ඉතිහාසය ද ජනාධිපතිවරයාට සිහිපත් කරවමිනි.’TNA එකත් එක්ක ගේම් ගහපු නිසා තමයි අද ඔබතුමා ඔය පුටුවෙ ඉන්නෙ. ගොඩක් අයට දැන් ඒ ඉතිහාසය අමතක වෙලා, එහෙම නැත්තං අමතක කරලා. ඔබතුමා දිනුවෙ උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ බහුතර ඡන්ද නිසා. දෙමළ ජනතාව ඒ ගේම ගැහුවෙ නැත්තං, TNA එක සහයෝගය දුන්නෙ නැත්තං තාමත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති. එහෙම උනා නං ඔබතුමා ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ.’තවදුරටත් කරුණු දක්වමින් සමරවීර මහතා, ‘එදා හොඳ වෙච්ච TNA එක ඇයි දැන් නරක වෙන්නෙ ?’ යනුවෙන් ජනාධිපතිවරයාගෙන් සෘජුවම විමසා තිබේ.කියන්න තියන දේ මූණට කියන මංගල ගැන හොඳින්ම දන්නා ජනාධිපතිවරයා, ‘හරි…හරි…. ඒවා අමතක වෙලා නෑ. TNA එක උදව් කළා තමයි. ඒත් ඒක වෙන කතාවක්. මේක වෙන කතාවක්’ යනුවෙන් පවසා හිමින් සීරුවේ එම සිද්ධිය යටපත් කර තිබේ. කෙසේ වෙතත් ඒ වෙන කතාව කුමක්දැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැති අතර ඒ කතාව දන්නේ ජනාධිපතිවරයාම පමණි

(Visited 1,666 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!