“එදා… කේ.පි.ගේ හමට තලා වෙනස පැතු යහපාලනය, මෙදා කේ.පි.ට සුර සැප දෙයි “(VIDEO)

“එදා… කේ.පි.ගේ හමට තලා වෙනස පැතු යහපාලනය, මෙදා කේ.පි.ට සුර සැප දෙයි “(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

කේ.පී. ආණ්ඩු පෙරළන සංවාදයේ ප්‍රධාන මාතෘකාවක් විය. වර්ෂ 2015දී ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශයක් 2015 ජනවාරි මස 02දා වාර්තා කර තිබිණි.වර්ෂ 2009 ජූලි 21 වැනිදා සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා ලෙස කුමරන් පද්මනාදන් පත් කරන බව එල්.ටී.ටී.ඊ. සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවත්, ඒ කුමරන් පද්මනාදන් අද ආරක්ෂා කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව බවත්, රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කුමරන් පද්මනාදන් කිලිනොච්චියේ ඡන්ද ව්‍යාපාරයක නිරතව ඇති බවත් චම්පික රණවක කියා තිබිණි.“කේ.පී. අපරාධකාරයෙක්. ක්‍රමවත් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය නොකර කේ.පී. ට ජනාධිපති සමාවක් දිය නොහැකියි. කේ.පී. ට නිදහස දීම යුද්ධයේදී ජීවිත පූජා කළ යුද වීරයන්ට කරන අපරාධයක්.”එසේ අවධාරණය කළ චම්පික රණවක තමන් බලයට පත්වූ පසු කේ.පී. ප්‍රමුඛ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන්ට එරෙහිව නෛතිකව ක්‍රියාකරන බව පොරොන්දු වුණේය.ජනවාරි 8දා අලුත් ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණි. පාඨලී චම්පික රණවක කැබිනට් ඇමතිවරයෙක් වූයේය. ඔහු ඇමැති පදවිය සහිතව මල්වත්තේ හා අස්ගිරියේ නායක හාමුදුරුවරු හමුවූහ. අනතුරුව මාධ්‍ය අමතමින් මෙසේ කීය.“කුමරන් පද්මනාදන් ඇතුළු සියලුම දූෂිත පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවනවා. කුමරන් පද්මනාදන් සහ ඔහුගේ කණ්ඩායම ටොන් 36ක පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ගෙනැවිත් දළදා මාලිගාවට පහරදුන්නා. පසුගිය රජයේ සුරතලුන් බවට පත් වුණු මේ අයව අධිකරණය හමුවට ගේන්න අපි ක්‍රියා කරනවා.”


මේ අතර කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ කේ.පී. මේ වනවිට හමුදාවේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින බවය.එහිදී කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසන්නේ
“යුද්ධෙ දිනපු සරත් ෆොන්සේකා හිරගෙදර ඉන්නකොට වැලිකඩ, කේ.පී. හිටියේ විසුම්පායේ.”
මාධ්‍යවේදීන් :- “කුමාරන් පද්මනාදන් දැන් කොහෙද ඉන්නේ?”
රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර :- “හමුදාවේ රක්ෂිත බන්ධනාගරයේ එතුමා ඉන්නේ”
මාධ්‍යවේදීන් :- ඔහුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි නේද? ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් :- “ඒ නිසානේ විසුම්පායේ සිට රක්ෂිතව හමුදා කඳවුරක තියාගෙන ඉන්නේ. ඒ වෙනස නිසා තමයි.”
කේ.පි. මේ වනවිට සිටින්නේ කොතනකදැයි යන්න එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පවා නොදන්නා බව මෙම ප්‍රකාශය අනුව පැහැදිලි වේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!