එට්කා එන්නත් කලියෙන් ඉන්දියානු ජාවාරම්කරුවන් ලංකාවේ ආක්‍රමනයක… නේපාල කතුන් 18ක් අල්ලයි

එට්කා එන්නත් කලියෙන් ඉන්දියානු ජාවාරම්කරුවන් ලංකාවේ ආක්‍රමනයක… නේපාල කතුන් 18ක් අල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

නීති විරෝධී වැඩ කරන ජනයා අතරින් ඉන්දියානු ජනයාට හිමි වන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. ඔවුහු තම රට තුළ පමණක්‌ නොව වෙනත් රටවල් තුළට පවා පැමිණ කිසිම බියක්‌ සැකක්‌ නොමැතිව විවිධ අපරාධ සිදු කරති. ආසියාකරයේ සමහරක්‌ රටවල් ඉන්දියානුවකු තම රට තුළට පැමිණෙනවාටත් කැමැති නැත. ඒ ඔවුන්ගේ තරම දන්නා නිසාය. පණ පිටින් සිටින මිනිසාගේ සිරුරේ කොටස්‌ පවා සමහරක්‌ ඉන්දියානුවෝ බලෙන් ගලවා විකුණති. මෙවැනි නීති විරෝධී ක්‍රියා නිසා ලෝකයාම ඉන්දියානුවන්ගේ තරම දනිති.
ශ්‍රී ලංකාව තුළත් මෙවැනි නීති විරෝධී ක්‍රියා ඉන්දියානුවන් සිදු කළේ අද ඊයේ නොව අතීතයේ සිටයි. උදෑසන ගුවන් යානාවෙන් මෙරටට පැමිණ කිසියම් අලුගුත්තේරු ක්‍රියාවක්‌ සිදුකර ඊළඟ ගුවන් යානයෙන් තම රටට යන ඉන්දියානුවෝද සිටිති. ඒ තරමටම ඔවුහු වංචනික වැඩවලට දක්‍ෂයෝය. ඉන්දියානුවන් මෙරට සිදුකළ අලුත්ම ජාවාරමක තොරතුරු පසුගිය දිනක අපට අවිස්‌සාවේල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. ඒ නේපාල කාන්තාවන් දහඅට දෙනකු හොරෙන් රට යෑවීමට ගොස්‌ අසුවීමත් සමඟයි. සිද්ධිය සැකෙවින් මෙසේය.
නේපාලය යනු ඉතා දුප්පත් රටකි. එරට ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරයයි. පසුගිය කාලය පුරා පැවති දේශපාලන හැලහැප්පීම් මත සංචාරක ව්‍යාපාරයේ පසුබෑමක්‌ද දක්‌නට ලැබුණි. එමනිසා නේපාල වැසියෝ අන්ත අසරණ වූහ. එමනිසා පිරිමි පාර්ශ්වය මෙන්ම කාන්තා පාර්ශ්වයද ජීවත් වීම සඳහා විශාල ජීවන අරගලයක යෙදුණෝය.
දුප්පත් රටක්‌ වුවත් ලෝකයේ විශාලතම හින්දු රාජ්‍යයක්‌ වන නේපාලයේ නීති රීති බොහෝ තදය. ඒවා කඩ කරන්නන්ට ලැබෙන දඬුවම් සුළු පටු නොවේ. එමනිසා බොහෝ නේපාල ජාතිකයෝ නීතියට අනුව ජීවත් වෙති. නේපාලයේ කිසිම කාන්තාවකට මැද පෙරදිග ගෘහ සේවයේ යෙදීම සපුරා තහනම්ය. එය එරට කාන්තාවන්ට පැනවෙන ප්‍රධාන නීතියකි. සමහර නේපාල කාන්තාවෝ අකමැත්තෙන් වුවද එම නීතිය පිළිපදිති.
නේපාලයේ එක්‌ කොටසක්‌ පිහිටා තිබෙන්නේ ඉන්දියාවට මායිම්වයි. එමනිසා සමහර ඉන්දියානුවෝ දේශ සීමා නීති පවා උල්ලංඝනය කර එරටට ඇතුළුවී විවිධ ජාවාරම් සිදු කරති. දිනක්‌ එලෙස පැමිණි එක්‌ ඉන්දියානුවෙක්‌ නේපාල වැසියකුට අපූරු යෝජනාවක්‌ ගෙනාවේය. ඒ නේපාල කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයේ යෙදවීමයි. එය ඇසූ කළ නේපාල වැසියා එය නීති විරෝධී ක්‍රියාවක්‌ බව එක්‌වරම පැවසුවේය. නමුත් එවැනි ක්‍රියා හොඳට කර ඇති ඉන්දියානුවා පැවසුවේ කිසි දෙයකට බිය නොවන ලෙසත් තමා ඒ සියලු කටයුතු බාරගන්නා බවත්ය.
ඉන්දියානුවාගේ සැලැස්‌ම පළමුව නේපාල කතුන් තම රටට ගෙන්වා ගැනීමයි. දෙවනුව එම කාන්තාවන් සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට යවන අතර තුන්වෙනුව මෙරට වැසියන් ලෙස මැදපෙරදිග ගෘහ සේවයට පිටත් කරවීමයි. මෙම නීති විරෝධී ක්‍රියාවලිය සඳහා ඉන්දියානුවන් කිහිප දෙනෙක්‌ම සම්බන්ධ වෙයි. ඔවුහු නේපාලයේ මෙන්ම
ශ්‍රී ලංකාවේද පුද්ගලයන් මෙම ජාවාරමට සම්බන්ධ කර ගනිති.
පසුගිය මාසයේ එක්‌ දිනයක නේපාලයේ වැසියෙක්‌ ඉන්දියන් ජාවාරම්කරුවකුට පැවසුවේ මැද පෙරදිග ගෘහ සේවයට යැමට කැමැති කාන්තාවන් පිරිසක්‌ සිටින බවයි. ඒ බව ඉන්දියානුවා තම ප්‍රධානියාට දැනුම් දුන්නේය. ඔහු එක පයින්ම එම කාන්තාවන් මැද පෙරදිග යෑවීමට කැමැති විය.
ඉන්දියානු ජාවාරම්කරුවෝ ඉන්පසු එම කාන්තාවන් මැදපෙරදිග යෑවීමේ හොර ජාවාරම ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තෝය. මුලින්ම ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ජාවාරමට උදව් කරන අයට සියලු විස්‌තර පවසා අදාළ පහසුකම් සපයන්නා ලෙස පැවසුවේය. නේපාල තැරැව්කරුවා මගින් එම කාන්තාවන් දහඅටදෙනාම මැද පෙරදිග යැමට සූදානම්ව සිටින ලෙසත්, එයට අවශ්‍ය දේවල් සකසා ගන්නා ලෙසත් ඉන්දියානු ජාවාරම්කරුවෝ දන්වා යෑව්වෝය. මේ සියලු දේවල් සිදුවන්නේ මුදල් මතය.
නේපාල කාන්තාවෝ එලෙස මැද පෙරදිග යන්නේ අන්ත අසරණ වී කළ යුතු වෙන කිසි දෙයක්‌ නොමැති නිසාය. කාන්තාවන් කිහිප දෙනකුගේ නිවැසියන් සම්පූර්ණයෙන්ම මෙම ගමනට විරුද්ධ වුවත් පසුව අකමැත්තෙන් හෝ කැමැති වූයේ පවුලේ අනාගතය ගැන සිතාය. කණකර ගෙවල් දොරවල් පවා උකස්‌කර ගමනට අවශ්‍ය දෑ ඔවුහු සකස්‌කර ගත්තේ දහසක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙනය.
ඉන්දියානු ජාවාරම්කරුවා දිනයක්‌ පැවසීය. එදිනට සියලුම නේපාල කාන්තාවන් ඉන්දියාවට පැමිණිය යුතුය. ඒ මැද පෙරදිග යැම සඳහා අවශ්‍ය ලියකියවිලි ඇතුළු අනිකුත් දෑ රැගෙනය.
නිවැසියන්ගෙන් සහ හිතමිතුරන්ගෙන් සමුගත් නේපාල කාන්තාවෝ ඉන්දියාවට පැමිණියෝය. ඒ ඇවිත් ඉන්දියානු ජාවාරම්කරුවා මුණ ගැසුණෝය. ඔහු එම කාන්තාවන්ට උපදෙස්‌ මාලාවක්‌ පනවා නවාතැන් පහසුකම් ලබා දුන්නේය. එම නවාතැන් පොළ හරක්‌ මඩුවක්‌ වැනිය. කාන්තාවන් දහඅට දෙනකුට එය කෙසේ වත් ප්‍රමාණවත් වූයේ නැත. හරියාකාරව වැසිකිළි පහසුකම්ද එහි තිබුණේ නැත. දිනකට කෑම ලැබුණේ එක වේලක්‌ පමණි. එය සතෙකුටවත් කළ නොහැකිය. මේ අතර තරුණ කාන්තාවන්ට ජාවාරම්කාර ඉන්දියානුවන්ගෙන් බේරිල්ලක්‌ද නොමැත.
සතියක පමණ අපා දුකක්‌ ගතකළ එම කාන්තාවෝ සංචාරක වීසා ලබාගෙන ඉන්දියාවේ සිට මෙරටට පැමිණියෝය. මෙරටට පැමිණි ඔවුන් අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ නිවසක්‌ වෙත රැගෙන ගියේ මෙරට පුද්ගලයෙකි. ඔහු ඉන්දියන් ජාවාරම්කරුගේ මෙරට තැරැව්කරුයි. එම නිවසේ කාමරයක්‌ තුළ මෙම නේපාල කන්තාවෝ දහඅට දෙනාම දින කිහිපයක්‌ ගත කළෝය. ඒ අතර ඉන්දියන් ප්‍රධාන ජාවාරම්කරු මෙරට පුද්ගලයන්ගේ සහාය ඇතිව එම කාන්තාවන් මැද පෙරදිග යෑවීමේ කටයුතු සූදානම් කළේය.
මෙම කාලය අතරතුර නේපාලයේ අපූරු සිදුවීමක්‌ සිදුවිය. එනම් එරට එක්‌තරා වෙබ් අඩවියක මෙම ජාවාරම පිළිබඳ සවිස්‌තරාත්මක විස්‌තරයක්‌ මාධ්‍යවේදියකු විසින් පළකර තිබීමය. එහි සඳහන්ව තිබුණේ නේපාලයේ කතුන් කිහිප දෙනෙක්‌ බම්බලපිටියේ නිවසක මැද පෙරදිග යෑවීම සඳහා රඳවාගෙන සිටින බවයි.
මෙම පුවත මෙරට ආගමන විගමන නිලධාරීන් දැන ගත්තේය. පසුව ඔවුහු බම්බලපිටිය ප්‍රදේශය පීරා මෙම කාන්තාවන් පිළිබඳ සොයා බැලුවෝය. නමුත් කිසිදු තොරතුරක්‌ ඔවුනට නොලැබුණි. එහෙත් එම නිලධාරීහු උත්සාහය අත් නොහළහ. අවසානයේ ඔවුනට අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ කාන්තාවන් පිරිසක්‌ සිටින බවට තොරතුරු ලැබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ එම නිලධාරීහු එම නිවස වැටලූහ. එහිදී මෙම නේපාල කාන්තාවන් දහඅටදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පසුව කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම ජාවාරම්කරුවන් විසින් මීට පෙර අවස්‌ථා කිහිපයකදී නේපාල කාන්තාවන් මෙලෙස මැද පෙරදිග යවා ඇති බවයි.
අත්අඩංගුවට ගත් නේපාල කතුන් දහඅටදෙනා යළි නේපාලයට පිටුවහල් කිරීමට කටයුතු කරන අතර එම නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ඉන්දියානුවන් මෙය මෙරට හරහා සිදුකළ තවත් එක්‌ ජාවාරමක්‌ පමණි. මෙවැනි ජාවාරම් කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව ඉදිරියේදීත් ඔවුහු සිදු කරති. එම නිසා වගකිවයුතු නිලධාරීහු මේ ගැන වැඩි අවධානයක්‌ යොමුකළ යුතුය. එසේ නොමැති වුවහොත් ඉන්දියානු ජාවාරම්කරුවන්ගේ තිප්පොළක්‌ බවට මෙරට පත්වනු ඇත.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!