එට්කා ආක්‍රමණය සමගම බංගලියොත් ලංකාව ආක්‍රමණය කරයි… රැකියා කල බංගලියන් 34ක් අල්ලයි

එට්කා ආක්‍රමණය සමගම බංගලියොත් ලංකාව ආක්‍රමණය කරයි… රැකියා කල බංගලියන් 34ක් අල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

සංචාරක වීසා බලපත්‍ර යොදාගෙන බංගලිදේශ ජාතිකයන් විශාල පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් විවිධ රැකියාවන් සඳහා යොදවා මුදල් ඉපැයීමේ ජාවාරමක්‌ කරගෙන ගිය බංගලිදේශ ජාතිකයකු පානදුර කොට්‌ඨාස දූෂණ අපරාධ මර්දන ඒකකය මගින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
වීසා බලපත්‍ර නොමැතිව විවිධ රැකියාවල නිරතවී සිටි බංගලිදේශ ජාතිකයන් පහළොස්‌ දෙනකුද පොලිසිය විසින් ඊයේ වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම බංගලිදේශ ජාතිකයාගේ නිවසේ තිබී බංගලිදේශයෙන් පැමිණි පුද්ගලයන් 34 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර තොගයක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පොලිසිය පවසන්නේ බංගලිදේශ ජාතිකයන් 34 දෙනකු මෙම ජාවාරම්කරු යටතේ සේවය කරන බවයි. ඔවුන් සියලු දෙනා වීසා බලපත්‍ර නොමැතිව රැකියාවල නිරතවී සිටින බවද ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර මෙම ජාවාරම්කරු සතුව තිබෙන බව ද පොලිසිය පවසයි.
රැකියාවල නිරතවන බංගලිදේශ ජාතිකයන් දෛනිකව තමන් කරන රැකියාවෙන් උපයන මුදලින් කොටසක්‌ මෙම ජාවාරම්කරුට ලබාදෙන බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
පානදුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස්‌ මත කොට්‌ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීCක්‍ෂණ පැවැත්වූහ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!