“එජාප මන්ත්‍රී අප්පුහාමිගේ මන්ත්‍රීධුරය අහෝසියි….!”(VIDEO)

“එජාප මන්ත්‍රී අප්පුහාමිගේ මන්ත්‍රීධුරය අහෝසියි….!”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට හෙට දිනයේදී සිය මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවේ යැයි හම්බන්තොට දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩි.වී චානක මහතා පවසනවා. එජාප මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය අවුරුදු 20 කාලය තුළ අයවැයෙහි ප‍්‍රගතිය ඔප්පු කරන්නේ නම් තමා මන්ත‍්‍රීධූයෙන් ඉල්ලා අස්වෙන බවට පාර්ලිමේන්තුවේදී අභියෝග කළ අතර එම අභියෝගය බාර ගත් ඩි.වී.චානක මහතා පැවසූවේ 2014 වර්ෂයෙහි සියලුම අංශවල ප‍්‍රගතිය 90%කට වඩා වැඩි බවයි.එම නිසා මන්ත‍්‍රීවරයාට හෙට ඉල්ලා අස්වීම සදහා පාර්ලිමේනතු කාලයෙන් විනාඩි 05ක කාලයක් ලබා දෙන ලෙසද චානක මන්ත‍්‍රිවරයා මුලාසනයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මන්ත‍්‍රීවරයා මෙම අදහස් දැක්වුයේ, අද (10) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!