එජාප ආණ්ඩුව අසාර්ථකයි ,නිමල් සිරිපාල අගමැති බව තහවුරු කරයි

එජාප ආණ්ඩුව අසාර්ථකයි ,නිමල් සිරිපාල අගමැති බව තහවුරු කරයි

Spread the love
  •  
  •  
  •  
  •  

ඇමතිවරුන් වන කබීර් හෂීම්, සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් අද පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී පැවති මැති ඇමති හමුවකදී උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
එහිදී පක්‍ෂය සතුව බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට තහවුරු කිරීමට ලිපි අත්සන් කිරීමට යාමේදී එම පෙරමුණේ හකීම්, බදියුදීන් ඇතුළු සුළු පක්‍ෂ විසින් එය ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා ඇත්තේ පළමුව එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීන් 88 දෙනාගේ අත්සන් ලබාගෙන එන ලෙසයි.
ඒ අනුව එම අත්සන් 88 ලබා ගනිමින් සිටියදී එජායේම මන්ත‍්‍රී පිරිසක් ඊට විරුද්ද වෙමින් සදහන් කර ඇත්තේ මෙය අනවශ්‍ය වැඩක් බවත් ජනාදීපතිවරයා අමනාප කරගෙන එජපයේ සුදුසුකම් පෙන්වීමට යාම මෝඩ වැඩක් බවත්ය.
එසේ වුවහොත් දැනට එතරම් අවුල් සහගත නොවන තැනක ඇති ප‍්‍රශ්ණය අවුල් ජාලාවක් වනු ඇති බවත් මේ ආකාරයේ වැඩවලින් නිමල් සිරිපාල අගමැති වීම වලක්වන්න බැරි වනු ඇතැයිද පවසමින් එජාපයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු එම හමුවෙන් නැගිට ගොස් තිබේ.
ජනාධිපතිවරයාට මේ වන විට ශක්තිය වැඩි බවත් එනිසා පක්‍ෂයක් ලෙස මේ අවස්ථාවේ ඉතා කල්පනාවෙන් වැඩ කල යුතු බවත් එම පිරිස පෙන්වා දී ඇත.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!