එජාපය උපවාසයකට ලැහැස්තියි

Spread the love
  •  
  •  
  •  
  •  

අකාර්යක්‍ෂම තත්ත්වයේ පවතින අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වහාම විසුරුවා හරින්නේ නැතිනම් ඊට එරෙහිව උපවාසයක්‌ ආරම්භ කිරීමට එජාපය එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ තීරණය කර ඇත.

එම කොමිසම ක්‍රියාත්මක නොවුණද එහි නිලධාරීන්ට සහ සේවකයින්ට අධික වැටුප් සහ වරප්‍රසාද ලැබෙන බවත් එය ජාතික ධනය විනාශ කිරීමක්‌ද වන බැවින් එම කොමිසම වහා විසුරුවා හැර ජාත්‍යන්තර නීතීන්ට අනුව මෙරට අල්ලස්‌ සහ දූෂණ වැළැක්‌වීමට නව ආයතනයක්‌ පිහිටු විය යුතු බවද එම මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

එබැවින් පවතින අල්ලස්‌ කොමිසම වහා විසිරුවා හරින්නේ නැති නම් ඊට එරෙහිව උපවාසයක්‌ ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!