”එජාපයේ ප්‍රබලයෙක් මාව මරන්න සැලසුම් කළා”-රංගේ බණ්ඩාර කට අරියි

”එජාපයේ ප්‍රබලයෙක් මාව මරන්න සැලසුම් කළා”-රංගේ බණ්ඩාර කට අරියි

Spread the love
  •  
  •  
  •  
  •  

දේශපාලනය නිසා තමාට බොහෝ දේ අහියියිවූ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්ෂ ආණමඩුව සංවිධායකධූරයෙන් ඉවත් වීම පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආණමඩුවේ පැවති දේශපාලන වාතාවරණය තුළ තමාට මෙන්ම තම පවුලේ ඥාතීන්ට ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා තමාට යම් සහනයක් වූයේ නම් ඒ පුත්තලම ජනතාවගේ අගය කිරීම පමණක් බව සඳහන් කළා. එසේම ආසන සංවිධායක ධූරයක් ලබාගනිමින් දේශපාලනයට අවතීර්ණ වූ තමාට බොහෝ දේ අහිමි වූ බව ඔහුඑහිදී පෙන්වා දුන්හ.
දේශපාලන විරුද්ධවාදීන් විසින් තමා වෙත බලපෑම් සිදුකරද්දී එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව ඔහු චෝදනා කළේය.
මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එය ලිඛිතව පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙත බාරදීමට පියවර ගත්තත් මහ ලේකම්වරයා එම ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ඔහු අමාත්‍යවරයා පවසා සිටියේය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!