එජාපයේ කකුල් දෙක වේවලන මොහොත ගැන අගමැති මහින්ද කියයි

එජාපයේ කකුල් දෙක වේවලන මොහොත ගැන අගමැති මහින්ද කියයි

Spread the love
  • 73
  •  
  •  
  •  
    73
    Shares

යහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.නඩුවලට බයේ ආණ්ඩුවක් පිහිටවූ බවට දේශපාලන ප්‍රතිවාදීන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත්,ඔවුන් මේ වනවිටත් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට නඩු පවරා අවසන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්වය දරන පැවිදි හඬ සංවිධානය සකස් කළ මහ මැතිවරණයක් සඳහා බල කර සිටිමේ ජනතා පෙත්සම නාරාහේන්පිට අභයාරාමයේදීබාර ගත් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ අයගේ කරුණු විමසිම අවසන් කරනවා.ලබන සතිය වන විට තීන්දුවක් ලැබෙනු ඇති.දැන් රටේ අගමැතිවරයා ඉන්නවා. තනතුරු තිබෙනවා.ඇමතිවරු ඉන්නවා. තනතුර තිබෙනවා.හැබැයි වැඩ කරන්න බැහැ.
අපි සම්පූර්ණයෙන්ම ඒ තීන්දුවට විරුද්ධයි.ඒ තීන්දුව වැරදියි කියන එක අපේ මතය.අපේ මතය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.මේක ලෝකයේ කොහේවත් සිදුනොවුණු දෙයක්.පහළ අධිකරණයකින් මෙවැනි තීන්දුවක් ලබාදුන්නේ ලෝකයෙ පළමු වතාවට.
අපි මැතිවරණයකට සූදානම්.අපි ආවේ මැතිවරණයකට යන්න.අපිට දැන් මැතිවරණයක අවශ්‍යතාවය තිබෙනවා.මේ රට ස්ථාවර කරන්න මැතිවරණයක් අවශ්‍ය බව රටේ බහුතර ජනතාව කියනවා.අපියි හරිනම් ඡන්දෙට බයවෙන්න ඕන.අපි හිටියේ විපක්ෂයේ.එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් කිව්වාම කකුල් දෙක වෙව්ලනවා.
ඒ අය අපිට අපහාස කරනවා.චෝදනාවක් එල්ල කරන්නෑ. ඒ කට්ටිය කරන්නේ සම්පූර්ණ අපහාසයක්.බොරු කියන්නේ.කතා හද හදා කියනවා.එයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.නඩු ඔක්කොම දාලා තිබෙන්නේ.අපේ දරුවෝ හිරේ ගිහිල්ලා.අපි ඒකට උසාවියේදී මුහුණ දෙන්න ලෑස්තියි.“යනුවෙන් පවසා සිටියේය.

(Visited 191 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!