එක්නැළිගොඩ අතුරුදන් කලයි රණවිරුවන් ඇතුළු 11ක් අත්අඩංගුවට

එක්නැළිගොඩ අතුරුදන් කලයි රණවිරුවන් ඇතුළු 11ක් අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා කර්නල්වරුන් දෙදෙනෙකු , යුද හමුදා සැරයන්වරයෙකු සහ යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ද ඒ අතර වන බවයි පොලිස් ආරංචි පැවසුවේ.
දැනට හෙළි වී ඇති කරුණු අනුව ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී තිබෙන්නේ 2010 වසරේ ජනවාරි 27 වෙනිදා හෝ ඊට ආසන්න දිනකදීයි.
කිසියම් පුද්ගලයෙකු අතුරුදන් වී වසරක් ඇතුළත ඔහු පිළිබඳ තොරතුරක් නොමැති නම් ඔහු වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කිරීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ප‍්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් මරණ සහතිකයක් මෙතෙක් නිකුත් කර නැහැ.
මරණ සහතිකයක් නිකුත් කළ තැනැත්තෙකු නැවත පැමිණියහොත් අදාළ මරණ සහතිකය අවලංගු කිරීමට ද හැකියාව පවතිනවා. කෙසේ වෙතත් එසේ කිරීමට නම් තමන් අතුරුදන් වූ හේතුව එම පුද්ගලයා විසින් හෙළි කළ යුතුයි.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!