“උසෙන් බෝල්ට්ගේ අවසන් තරගයට පැමිණි නිරුවත් ධාවකයා”(PHOTO)

“උසෙන් බෝල්ට්ගේ අවසන් තරගයට පැමිණි නිරුවත් ධාවකයා”(PHOTO)

Spread the love
  •  
  •  
  •  
  •  

ඔලිම්පික් රන් පදක්කම්ලාභි ජැමෙයිකාවේ උසෙන් බෝල්ට් සහභාගී වූ අවසන් පෞද්ගලික තරගයට පෙර ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයේ ධාවන පථයට සියලු ප්‍රේක්ෂකයන් අවධානය යොමු කළා.ඒ නිරුවත් පුද්ගලයෙකුගේ ආගමනය හේතුවෙන්.එම පුද්ගලයා පපුව සහ උදරය ප්‍රදේශයේ PAECE + LOVE ලෙස සටහන් කරගෙන තිබුණා.ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්ව පැවැත්වීමට ධාවන පථය සුදානම්වෙද්දී ආරක්ෂක අංශ සුදානමින් සිටියේ මෙවැනි අකරතැබ්බවලට මුහුණ දීමටයි.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිළධාරීන් ට නිරුවත් ධාවකයාගේ විලි වසා පිටියෙන් ඉවත් කිරීමට වෙහෙසක් දැරීමට සිද්ධ වුණා.උසෙන් බෝල්ට් සිය ක්‍රීඩා ජීවිතයේ පෞද්ගලිකව සහභාගි වූ අවසන් තරගය සඳහා ඒ අනුව ධාවන පථය නිදහස් කර දුන්නා.ලෝක ශුරතා මලල තරගාවලියේ අදාල ඉසව්වෙන් බෝල්ට් ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි. කාලය තත්පර 9.95ක්.අමෙරිකාවේ ජෙස්ටින් ගැට්ලින් ඉසව්වේ රන් පදක්කම ලබා ගත්තා. කාලය තත්පර 9.92ක්.රන් පදක්කමට උරුමකම් කී ජෙස්ටින් ගැට්ලින්, පැරදුණු බෝල්ට් ඉදිරියේ ආචාර කළේ වැඳ වැටීමෙන්.ජෙස්ටින් ගැට්ලින් මීට පෙර අවස්ථා දෙකකදී නීති විරෝධී උත්තේජක ලබා ගෙන ඇති බවට ද වාර්තා වූවා.උසෙන් බෝල්ට් මෙවර තරගාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගිවීමට නියමිතයි.ඔලිම්පික් රන් පදක්කම් ලාභි ජැමෙයිකාවේ උසෙන් බෝල්ට් ලෝක ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වෙන් පරාජයට පත්වුණා.එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන තරගාවලියේ අදාල ඉසව්වෙන් ඔහුට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.එහි රන් පදක්කම අමෙරිකාවේ ජෙස්ටින් ගැට්ලින් හිමිකර ගත්තා.මෙය උසෙන් බෝල්ට් සිය ක්‍රීඩා ජීවිතයේ පෞද්ගලිකව සහභාගි වූ අවසන් තරගය වීම විශේෂත්වයක්.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!