‘උඹ, පලයං, නපුංසකයා, පිරිමි ගණිකාව, හොර ගෑනි’ – මැති සබය උණුසුම් කල රන්ජා,ලංසා කුණු වලිය

‘උඹ, පලයං, නපුංසකයා, පිරිමි ගණිකාව, හොර ගෑනි’ – මැති සබය උණුසුම් කල රන්ජා,ලංසා කුණු වලිය

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

පාර්ලිමේන්තුවට නුසුදුසු ඉතා අශෝභන වචන භාවිත කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඊයේ (05 දා) සවස්‌ වරුවේ සභා ගැබෙහිදී රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට දොස්‌ කියද්දී ගැලරියේ සිට ඒ දෙස විමතියෙන් බලා සිටි පාසල් සිසුන් වහා ඉවත් කරන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා සහ බිමල් රත්නායක මහතා මුලසුනෙන් ඉල්ලා සිටියහ.”උඹ, පලයං, නපුංසකයා, පිරිමි ගණිකාව, හොර ගෑනි” වැනි වචනද පවසමින් ලන්සා මහතා රන්ජන් රාමනායක මහතාට දොස්‌ නඟද්දී මුලසුනේ සිටියේ වේලුකුමාර් මන්ත්‍රීවරයාය.විනාඩි පහළොවකට ආසන්න කාලයක්‌ ලන්සා මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක මහතාට අශෝභන ලෙස දොස්‌ පැවරූ පසුව පැමිණියේ රන්ජන් රාමනායක ඇමැතිවරයා කතා කරන අවස්‌ථාවය.

(Visited 191 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!