” උතුර හා දකුණට යුද හමුදාපතිගෙන් පණිවිඩයක්”

” උතුර හා දකුණට යුද හමුදාපතිගෙන් පණිවිඩයක්”

Spread the love
  •  
  •  
  •  
  •  

උතුර ගැන කිසිදු කලබලයක් විය යුතු නැතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනාරත්න දකුණට විශේෂ පණිවුඩයක් දෙයි.රටේ යුද තත්ත්වයක් ඇති නොවන්නට යුද හමුදාව මෙහෙයවන්නේ තමා බව යුද හමුදාපතිවරයා රට වැසියනට සහතිකයක්ද වෙයි.හමුදාපතිවරයා මේ සහතිකය දුන්නේ දළදා වහන්සේ වැඳපුදාගෙන මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වයේ මහ නායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
උතුරේ රැඩිකල් කණ්ඩායම් සහ තරුණ කොටස් ඒ අයගේ රැඩිකල් මතවාද මත යම් යම් දේ කළ හැකි වුවත්, එය එල්ටීටීඊ ක්‍රියාවන් නොවන බැවින් දකුණේ ජනතාව බිය නොවිය යුතු බවත් ඒ සඳහා මුහුණදීමට යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව සූදානම් බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!